"ලොකු හාමු...ලොකු හාමු....අපේ පොඩි බේබි එනවා හාමු..."
වලව් වත්තට වෙලා වත්ත සුද්ද කරමින් හිටපු බණ්ඩා මාමා මැටි පාර දිගේ පැමිණි කාරය වලව්වේ ගේට්ටුවෙන් ඇතුළට දානවත් එක්කම කෑ ගහගෙන ඉස්තෝප්පුව දිහාට දුවගෙන එද්දි ඉස්තෝප්පුවේ වාඩි වෙලා පත්තරයක් කියවමින් හිටපු කුමාරිහාමි වගේම ලොකු හාමුත් ඉදගෙන හිටපු තැනින් නැගිටලා ඉදිරියට ආවේ අවුරුදු ගාණකට පස්සෙ දකින තම පුතණ්ඩියව තවත් කල් නොයවා දැකගන්න තිබුණ නොඉවසිල්ලත් එක්ක.......
වලව්වේ කාරය වලව් දොරකඩ ඉස්සරහම නතර උනා...වලව්වේ කෝසල ලොකු හාමුත් සකුන්තලා මැණිකෙත් ඇතුළුව වලව්වේ සේවකයො පවා දෑස් දල්වාගෙන බලන් ඉද්දි කාරයේ දොර විවෘත කරගෙන වලව්වේ අනාගත මහ මුදියන්සේ කාරයෙන් බැස්සා....
"දෙවියනේ...මගෙ දරුවා!!"
ආක්ෂ කාරයෙන් බහිනකන් ඉදලා කාරයේ දොර වහපු පියතිලක දුවගොස් කාරයේ ඩිකියට පටවපු බඩු ටික එළියට අදිද්දි අතේ තිබුණ ලේන්සුව උරහිස උඩින් දා ගත්ත බණ්ඩා පියතිලකට සහය වෙමින් වාහනේ තිබුණ බඩු බාහිරාදිය ඇතුළට ගෙනියන අතරෙ ආක්ෂව දුටු කුමාරිහාමි කදුලු පිරුණ දෙනෙතින් ආක්ෂ වෙත ආවේ තම දෝතින්ම ඒ මුව වසාගෙන වෙද්දි කුඩා කල දැක්කට පසු තම පුතණ්ඩියා යස ඉලන්දාරියෙක් වෙලා තියෙන අපූරුව ගැන හිතමින්ම සකුන්තලා මැණිකෙ ආක්ෂව සිප වැළදගත්තා...
ඇය හැඩුවා...ආක්ෂව දැකගත් සතුටට වගේම මෙතරම් ලොකු ඉලන්දාරියෙක් වෙනකන් ආක්ෂ වැඩෙන හැටි දැකගන්න බැරි උන දුකට ඇගේ ඇස් වලින් කදුලු ගැලුවා....අකැමැත්තකින් උනත් තමන්ගෙන් ඈත් කරලා කොළඹ යවද්දි ආක්ෂව අවසන් වරට වැළදගත් ඇය වසර හතකට පසු ආයෙම තම දරුවව හිතේ හැටියට ආදරයෙන් වැළදගත්තා... වෙනසකට තිබුණෙ ඔවුන් වයසට ගිහින් වීම පමණයි....
YOU ARE READING
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...