වසර දෙකකට පසු,
නුවර අහස යට...........
"තීනූ.....ඔය උඩ අත්තෙ තියෙන්නෙ.....ආන් අර.....!"
ඇහැළ ගස් හෙවණට මායිම් උන ගමේ වෙල් යායට එපිටින් එහා මායිමේ, වැහි කෝඩයක් නැතුව පුරන් වී ගිය කෙත ඔහේ හූල්ලමින් ඉන්න වෙලාවක ඉස්කෝලේ ඇරුණ ඇහිල්ලෙහි පොඩි කොල්ලො දෙන්නෙක් විගහට කැලෑවට දුවගෙන ආවේ ගමේ අනෙක් කොලු ගැටව් ටිකට කලියෙන් වෙරළු කඩලා සාක්කු දෙක පුරවගන්න හිතාගෙන....වෙනද තරම් සරු සාරෙට නැතත් මල්ලක් දෙකක් පුරවගන්න තරම් වෙරළු හැදුණ ගහේ මුදුන් අත්තකට වෙලා උන්න තීනු දිහා බලලා ගහ යට උන්න සිහින කෑ ගෑවේ පැහිච්ච වෙරළු අහුරක් ඒ බෝල ඇස් වලට අහු උන හින්දා...
"ඔය ඇති තීනු දැන් ගහෙන් බහින්නකො... අනික් අයට නැති කරන්නද ඔය හදන්නෙ. අනික සත්තු කන්නෙ මොනවද ඔහොම කැඩුවම"
"හරි හරි සිහින, මේ ගහ පිරෙන්න තව ගොඩක් තියෙන්නෙ....!!"
කඩන කඩන වෙරළු අහුර තීනු තමන් අරගෙන නැගි මල්ලට ඔබන අතරෙ බිමට වැටෙන එකක් දෙකක් ඇහිදින ගමන් තීනු දිහා බලලා සිහින කෑ ගැහුවා...තවමත් අඩ හෝරාවකට තරමක් අඩුවෙන් ගත වෙලා තියෙද්දි නොයෙක් දේ කියවමින් හෙමින් සැරේ දෙන්නටම ඇති වෙන්න වෙරළු කඩාගත්ත තීනු වෙරළු පුරවලා ගහේ අත්තක එල්ලලා තිබුණ සිලි මල්ල අරගෙන සිහින අතට විසි කරලා ගහෙන් බහින්න ගත්තා....
YOU ARE READING
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...