තෙවන සිහිනය 💭

368 54 18
                                    


───────────────────────────

: අම්මා......

: මගෙ මැණික පරිස්සමින් ඉන්න හොඳද

: හරි අම්මා...

සිහිනව කොළඹ එක්කගෙන ආපු සිහිනගේ අම්මා ආයෙම නුවර බලා යන්න තමයි ලෑස්තිය... වෙලාසනම ලෑස්ති වෙලා ස්කෝලෙට ආපු කට්ටියම සිහිනගෙ ස්කෝලෙට ඇතුළත් කරන වැඩ ටිකත් කරලා එහෙමම ආවේ ස්ටේෂන් එකට... කෝච්චියට යන්න ස්ටේෂන් එකට ආපු අම්මට තුරුල් උන සිහින ඇයට යන්න දෙන්න නම් තවම ලෑස්ති වෙලා තිබුණේ නෑ....

: අම්මා කියලා දීපු දේවල් මතකයිනේ. පුංචි අම්මට කරදර නොකර ඉන්න තේරුණා ද??

එහෙම කියපු අම්මගෙ දිහා බලලා ඔලුව වනපු සිහින ආයෙම ඇයට තුරුලු උනා......

: අම්මා නිතරම කෝල් කරන්නම්කො මැණිකට... අයියා එක්කම ඉන්න හරිද

: බය වෙන්නෙපා සකූ...අපි කොල්ලව බලාගන්නම්...

: අක්කා නිසා තමයි කොල්ලා බය නැතුව තියලා යන්නෙ අක්කෙ.

: අම්මා පරිස්සමින් යන්න.

: හරි ළමයෝ. පරිස්සමින් මයෙ කොල්ලා..

එහෙම කියලා සිහිනගෙ හිස් මුදුන සිපගෙන ආදරෙන් ඔලුව අතගාපු අම්මගෙ ඇස් වල දිලිසුන කදුලු බිදු දෙක තුනත් හැද සිටි සාරි පට කොනකින් පිහදාපු ඇය සිහිනව නොදන්නා නගරෙක තමන්ට විශ්වාස එකම පුද්ගලයා උන තමන්ගේ අක්කා ලග නතර කරලා යන්න පිටත් උනා...ඇය කෝච්චියට ගොඩ වී ගමන් ඇරඹූ කෝච්චිය නොපෙනී යනකන්ම බලාසිටි සිහින ලගට ආපු පුංචි අම්මයි අයියයි දෙන්නම එක්ක සිහින ආයෙත් ගෙදර එන්න ආවා.....

Third person pov end.

.

Sihina pov.

ගෙදරට ආව හැටියේ අයියා මාව එක්කරගෙන ආවේ මගෙ කාමරේට...අයියා ගැන කිව්වොත්, නමින් තේව් අනුරුද්ධ අධිකාරි...මට වඩා අවුරුද්දක් වැඩිමල්... මාත් යන්න ඉන්නේ අයියගෙ ස්කෝලෙටම. පුංචි අම්මලා ඉදලා හිටලා එහේ ඇවිත් තිබුණත් මන් මෙහේ ආපු පළවෙනි වතාව මේ. මන් ටිකක් වෙලා බලන් හිටියේ කාමරේ දිහා.. පුංචි අම්මයි අයියයි ගොඩක් මහන්සි වෙලා කාමරේ ලෑස්ති කරන්න. ඒ තරම් ලස්සනයි. "හුරුබුහුටියි" මගේ කටින් පිටවුණේ එහෙම...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now