තිස් හත් වන සිහිනය 💭

196 21 147
                                    

පියවුණු බෝල ඇස් එක්ක...දිගටි ඝන ඇහි පිහාටු...

සිහින් නහය....පිම්බුණු ලා රෝස කම්මුල්.....

නා දල්ලෙ පාට...පිරුණු දෙතොල්.....

හිතේ හැටියට විඳ ගනිමින් පහළ වෙල්‍ යායෙ ඉදන් හමාගෙන ආ සිහිල් සුළං රැල්ලෙන් එහෙ මෙහෙ දුවන අකීකරු කැරලි හිසකෙස් අතරින් හීන් ඇගිලි තුඩු පෙළක් හෙමින් සීරුවේ එහෙ මෙහෙ යද්දි හීන් හඩින් මිහිරි ගීයක් සුළගට එකතු උනා...

"ඔබ ඇපල් මලක් වාගේ.....ලස්සන වසන්ත කාලේ.....මට හදිස්සියෙන් වාගේ හමුවු..........

පායන්න දෑස මානේ.....උණුහුමට ගින්දරි...
ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී....
දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී....

වත්ත පහළ පොල් ගස් යාය අතර තණ පිස්සෙ..වැඩුණු ගහකට පිට දීලා වාඩි වෙලා උන් ආක්ෂගෙ හීන් දිගු ඇගිලි නොනවත්වා තම ඔඩොක්කුවේ නිදන් උන්න ඔහුටත් නොදැනෙන්න ඒ හිස කෙස් අස්සෙ දග කරද්දි ඒ දෙතොල් අතර මිමිණුන සින්දුවේ තාලෙටම ගහකොළ පවා තාලෙට නැලවෙනවා වගේ පෙනුනා.....

ආක්ෂගෙ ගැඹුරු දුඹුරුවන් ඇස් මොහොතකටවත් තම ඔඩොක්කුවේ හිස තියාන නිදන් උන්න සිහිනගෙ වතෙන් ඉවතට නොගියෙ හරියට ඒ රූපේ ආයෙත් වරක් මගෑරෙයිදෝ යන බියෙන් වගේ වෙද්දි නින්දෙන්ම තොල් නොපිට පෙරළමින් සිහින එක්වරම ආක්ෂ පැත්තට හැරිලා බදවටා අත් යවාගනිද්දි මෙච්චර වෙලා එක එල්ලෙ සිහින දෙසට වැටී තිබූ ආක්ෂගෙ ඇස් වගේම...ඒ දරදඩු හිතත් යන්තම් ගැස්සුනා...මෙච්චර වෙලා සිහිනගෙ කෙස් අතර දිව්ව ඒ අත අහකට ගත්ත ආක්ෂ තවමත් මේ කිසි වගක් නැතුව සුව නින්දෙ ඉන්න සිහිනගෙ මූණ දිහා මොහොතක් බලන් ඉදලා කලබලෙන් ඇස් ඉවතට ගත්තා...

"නැගිටින්න දැන්....!!"

ආක්ෂගෙ කටහඬට යන්තම් සිහිනව ගැස්සුනා... ආක්ෂගෙ ඇගේම මූණ අතුල්ලපු සිහින ආයෙත් ඒ උණුහුම අස්සට ගුලි උනේ නින්දෙන්ම මොනවදෝ මුමුණමින්මයි.....

"අනේ...අම්මේ...නිදාගන්න දෙන්නකො...."

බදවටා යවපු දෑත් තව තවත් තද කරගෙන ආක්ෂගෙ බඩ මතින්ම මුහුණ තදකරගත්ත සිහින නින්දෙන්ම කියවද්දි ආක්ෂගෙ මුහුණෙ සිහින් හිනාවක් ඇදුණා...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now