තිස් එක්වෙනි සිහිනය 💭

215 31 93
                                    

දවස් ගත උනේ හීයක වේගෙන්...නතර වෙලා තිබුණා නම් හොඳයි කියලා හිතුණ මොහොතවල් පවා හරි ඉක්මන්ට ගෙවිලා ගියා...

සතියකට පස්සෙ අදත් සති අන්තෙ දවසක්....

"පුතා.....සිහින දැන් නැගිටලා මේ තේක බීලා ඉන්න.."

උදේම ඇහුණෙ පුංචි අම්මාගෙ කටහඬ...යන්තම් මන් එක් ඇහැක් ඇරගෙන ඔරලෝසුවෙන් වෙලාව බැලුවා...පුංචි අම්මා මාව ඇහැරවද්දි 7 ත් පහු වෙලා...හැමදාම උදේ පාන්දරම අවදි වෙන නිසා නිවාඩු දවසටවත් චුට්ටක් නිදාගන්න කියලා හිතලලු නැගිට්ටුවේ නැත්තෙ...එහෙම කියාගෙනම පුංචි අම්මා තේක මේසේ උඩින් තියලා යද්දි මන් අතපය හිරිඇරලා ඇදෙන් බැස්සා...

ඉක්මන්ට මූණ කට හෝදගෙන ආව මම, එදා අපි මෙහේ ආවට පස්සෙ දවසෙම පුංචි අම්මා මටම කියලා ගෙනත් තිබුණ පුංචි හා පැටියෙක් ඉන්න සුදුපාට මග් එකත් අතට අරගෙන ආවේ ජනේලේ ගාවට. ඇවිත් බාගෙට ඇරිලා තිබුණ ජනෙල් කවුළුව ඇරියා...හීන් හුළගක් ඇගේ වැදෙද්දි පිජාමා එකට යටින් තිබුණ ඇගේම හිරිගඩු ඇහැරුනා...

සුවඳයි.....උදේ පරිසරය...වගේම....කිරි කෝපි එකත්....

මන් කෝපි කෝප්පෙ නහය ලගට අල්ලලා හොඳ හුස්මක් උඩට ඇදගත්තා.....මන් ආසම කෝපි සුවඳ...

තවමත් රස්නෙයි......උගුරෙන් පහළට දාගත්ත කෝපි උගුර මුළු ඇගම උණුහුම් කරගෙන පහළට යද්දි මන් ජනේලෙ ග්‍රිල් එක අස්සෙන් පහළ බැලුවා....මන් දැක්කේ තේව් අයියව...එයා මොනවදෝ කුටු කුටු ගාන ගමන් මිදුලේ එහෙ මෙහෙ යන හැටි මන් බලාගෙන හිටියා. අයියගෙ අතේ තිබුණ දිගෑරුණු පොත හින්දා අයියා ඉන්නෙ පාඩම් කරන ගමන් කියලා තේරුණ නිසාම මන් කතා කරන්න කියලා උස්සගත්ත අත එහෙම්ම පහළට දැම්මා. කරදර කරන්න හොඳ නෑනෙ. විභාගෙත් ලගයි...අයියා මන් වගේ නෙමෙයි....පිස්සු නැටුවට ගානට වැඩ ටිකත් කරගන්නවා...

ඒ අස්සෙ....මට මතක් උනේ අර ආඩම්බරකාර ඇස් දෙක......

ඔරවගෙනමයි ඉන්නෙ කොයි වෙලෙත්. අහම්බෙන් හිනා වෙනකොට ලස්සනයි. කලාතුරකින් දකින්න ලැබෙන දේවල් හරි ලස්සනයිලුනෙ. අනේ මට මොකද....

පහුගිය සතියෙ ක්ලාස් ඇරිලා ගෙවල් ලගටම එනකන් අපි එක්ක ආපු ආක්ෂ අයියව යවාගත්තෙ දෙතුන් පාර කරදර කරලා...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now