දහතුන්වන සිහිනය 💭

261 35 32
                                    

"විශාක!!!!"

"මොකද කෑ ගහන්නෙ උඹ"

"ඔක්කොම රෙඩිද. වෙන ගන්න මුකුත් නෑ නේද"

"ඔක්කොම හරි බං. දැන්වත් යමන්."

උදේ පාන්දරම අපේ ගෙදර මේ කාලගෝට්ටිය ස්පෝර්ට්මීට් එකට යන්න ලෑස්ති වෙන්න ගිහිල්ලා. නැගිටලා කාලා බීලා ලේස්ති වෙන අතරට විශාකත් බඩු ටිකත් අරන් අපෙ ගෙදර ඇවිත් හිටියා. අම්මටයි තාත්තටයි කියලා බෑග් දෙකත් අරන් එළියට බහිද්දි සිතූත් ඇවිල්ලා "හොඳට සෙල්ලම් කරන්න අයියේ" කියලා අපි දෙන්නටම සුබ පතද්දි විශාක එක්කම මන් ගෙදරින් එළියට බැස්සා. අම්මයි නංගියි දොර ලගට වෙලා බලන් ඉද්දි තාත්තත් කාර් එකේ යතුර අරගෙන එළියට ආවා.

"මාත් එක්කම යමු දෙන්නා."

තාත්තා එහෙම කියලා කාර් එකට නගිද්දි බෑග් ටිකත් ඇතුළට දාපු අපි දෙන්නත් පිටිපස්සෙ ෂීට් එකෙන් වාඩි උනා. ස්ටාර්ට් කරපු කාර් එක පාරට දාද්දි සාක්කුවේ තිබුණ ෆෝන් එක අතට ගත්ත මන් වට්සැප් එක පැත්තට ආවේ ගෲප් එකට මැසේජ් එකක් දාන්න. හැමෝටම මීට් එක තියෙන තැනට වෙලාවට එන්න කියලා මැසේජ් එක දාලා කෝකටත් කියලා තේව් මල්ලිටත් මැසේජ් එකක් දාලා ෆෝන් එක සාක්කුවේ ඔබා ගත්තෙ තාත්තා ඉන්න තැන වැඩිය ෆෝන් ඔබන්න ගිහිල්ලා බැනුමක් අහගන්න තිබුණ අකමැත්තට.

ස්ටේඩියම් එක ගාවින් කාර් එක නතර කරපු තාත්තා අපි බඩු ටිකත් අරන් බහිනකන් ඉදලා ජනේලෙන් ඔලුව දාලා අපි දෙන්නටම ලගට අඩගැහුවා.

"රෑ වෙන්න කලින් වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න හරිද. ස්පෝර්ට්මීට් දවසට කොල්ලො ගහගන්න එහෙම යනවා. ඒවට පැටලෙන්නෙ නැතුව දෙන්නම පරිස්සමින් ගෙදර යන්න."

තාත්තා ගියාට පස්සෙ අපි එහෙමම ආවේ ස්ටේඩියම් එක ඇතුළට. අපි එද්දි දැනටමත් සෙනග හිටියා. වටේටම ඇහැ දාගෙන අපි ආවේ බාස්කට් බෝල් කෝට් එකට. ඒකට කිට්ටුවෙන්ම තිබුණ චේන්ජින් රූම් එකට ඇවිත් අපේ බෑග් ටික එහෙම තියලා බැලුවේ ටීම් එකේ උන් ටික ඉන්නවද කියලා. සනුකයි, හිමරුයි ඇවිල්ලා ඉද්දි අපි සෙට් එක ආවේ අපේ හවුස් එකේ උන් හිටපු තැනට.

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now