පහළොස්වන සිහිනය 💭 bonus

223 35 32
                                    

සීතල සුළං රැල් ගෝල්ෆේස් පිටිය පුරාම ඒ මේ අත ඇදෙද්දි සෙනග අස්සෙන් දුවගෙන ආපු පොඩි කොල්ලෙක් මිනිස්සු අතරින් දුවගෙන ගියේ දෑසම ඒ අත් වලින් පිසදමමින්.

.

සිහින POV.

මන් හිතුවේ නෑ ආක්ෂ අයියා එහෙම සැර වෙයි කියලා. ඒත් එයාටත් මොකක් හරි හේතුවක් ඇති. සමහර වෙලාවට එයා ඉස්සරහදි මේ මට වෙනවා වගේ. මට එයාව තේරුම් ගන්න පුළුවන්. ඒත් මට දුක හිතුණා. ඉතින් මන් මුකුත් නොහිතාම දුවගෙන ආවේ හැමෝගෙන්ම ඈතට. හරියට, දුක හිතුණම ගෙදරදි කරනවා වගේ. ඒත් මන් ගොඩක් දුර දුවන් ඇවිල්ලා කියලා තේරුණේ වටපිට බලද්දි. මන් එහෙමම ලග තිබුණ පඩියක් උඩින් වාඩි උනා. ලාවට හද පායගෙන එන ඈත අහස දිහා බලන් මන් කල්පනා කරා. "මට අද එන්නෙ නැතුව ඉන්න තිබුණා". මට එහෙම හිතුණත් මන් කල්පනා කරේ අද මන් කොච්චර විනෝද උනාද කියලා. පුංචි දෙයක් නිසා ආක්ෂ අයියාගේ වචන වලින් මගෙ හිත රිදුණත් එයාලා හැමෝම නිසා අද මන් සතුටින් හිටියා. ඉතින් ඇයි ඒ වගේ පුංචි දෙයක් නිසා ඒ හැමදේම අමතක කරලා දාන්නෙ. ආයෙත් මන් එහෙම හිතුවා.

"අයියලා මාව හොයනවද දන්නෙ නෑ"

මන් එහෙම හිතද්දිම මට දැනුනා මන් ලගින් කවුරුහරි වාඩි උනා. මගෙ හිත ගැස්සුනා. කවුද කියලා දන්නෙ නැති නිසා මන් ඒ පැත්ත බැලුවේ නැත්තේ කවුරු උනත් ගනන් නොගෙන ඉන්න හිතාගෙන.

සිහින POV end.

.

.

ආක්ෂ POV.

"සිහින!"

සිහින හොයාගෙන දුවපු කකුල් අතරමග නවතිද්දි මන් දැක්කේ පඩිපේළියක් උඩ වාඩි වෙලා ඈත බලන් ඉන්න සිහිනව. මටත් නොදැනිම මගෙ තොල් අග ඒ නමම ආයෙ ආයෙත් මිමිණුනා. අඩ අදුරේ උනත් පිටිපස්සට පෙනුණ ඒ රූපෙ ඈතටත් මන් අදුනගත්තා. මන් හිතන්නේ මගෙ හුස්ම වැටෙනවා කියලා මට දැනුනේ එවෙලේ. හරියට කවුරුහරි සිහිනව උදුරගෙන ගියා වගේ දැනුණ හැගීම් ගොන්න මගෙන් මොහොතකට ඈතට ගහගෙන ගියේ මගේ ඇගේ වැදිලා මුහුද දිහාවෙන් හමන් ගියපු සුළං රැල්ලේ..

දුවලා ඇවිල්ලා බදාගන්න හිතුණේ ඇයි කියලා මට නොතේරුණත් මන් හෙමින් සැරේ සිහින දිහාවට ඇවිදගෙන ආවා. ආපු විදියටම සද්ද නොකර සිහින ලගින්ම වාඩි වෙද්දි මට දැනුනා සිහිනව යන්තම් ගැස්සුනා. අනිවාර්යයෙන් හිතන්න ඇති කවුරුහරි රස්තියාදුකාරයෙක් හරි හොරෙක් හරි කියලා. පණ්ඩිතයා වගේ දුවගෙන ආවට ඔය දැන් බය වෙලා ඇත්තේ..

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now