විසි දෙවන සිහිනය 💭

224 33 56
                                    

"අයියා යනෝද??"

"හ්ම්ම්..අයියා එනකන් පරිස්සමින් ඉන්නවා නේද??"

"යන්නෙපාආආ"

"කියන්නකෝ, අභී අයියා එනකන් බලන් ඉන්නවා නේද මගෙ සුදු බෝලේ??"

.

.

ආක්ෂ POV.

කාගෙදෝ හුරුපුරුදු කටහඬක් මගෙ මනසෙ දෝංකාර දෙද්දි  නින්දෙන් ඇහැරුණ මන් හීයක වේගෙන් ඇදේ ඉන්දවුණා. මන් ටිකක් වෙලා මතක් කරේ මොනවද ඒ දැක්කේ කියලා. කතාවක් වගේ ඔලුවට ගලන් ආපු ඒ සිද්ධිය මතක් කරද්දි  ඒ දේ හරියට හීනයකට එහා ගිහින් මන් අත්වින්දා වගේ, හිස් මුදුනෙන් පටන් අරගෙන කකුලෙ ඇගිලි වෙනකන්ම ඇගේ හැම නහරෙකම දුවන ලේ බින්දුවක් ගානේ හිරිවැටිලා යන වේදනාවක් දැනෙද්දි දරාගන්නම බැරි තැන ඇස් වලින් පැනපු කදුළු බින්දුත් නැවතිල්ලක් නැතුව පහළට කඩා හැළෙද්දි මන් පපුව අත් දෙකෙන්ම තද කරලා අල්ලගත්තා.

දෙයියනේ..ඒ කවුද...??

ඇයි මට මෙච්චර රිදෙන්නේ.??

මට කෑ ගහලා අඩන්න ඕන උනා... ඒත් මගෙ හුස්මට පවා ලොක් වැටිලා වගේ දැනුනා...

ටේබල් ලෑම්ප් එක ඔන් කරලා වෙලාව බලද්දි පාන්දර තුනහමාරයි...

දාඩියෙන් පෙගුණ කමිසෙ පපුව හරියෙන් අතට ගුලි වෙලා තිබුණ තැන තව තවත් ඇගිලි අතරට හිර වෙද්දි මන් ඇදෙන් බැස්සෙ හිතේ තිබුණ කලබලේට කරන දේවල් ගැනවත් හරියට තේරුමක් නැතුව..

කබඩ් එක උඩ තියලා තිබුණ වතුර බෝතලේ අරන් එක හුස්මට වතුර ටිකක් බීපු මන් බෝතලේ වහලා පැත්තකින් තියලා ආයෙම ඇදට ආවා...දරාගන්න බැරි විදියට හදවත ගැහෙද්දි නින්දෙන් ඇහැරුණු ගමන් මට ඉස්සෙල්ලම මතක් උන එකම කෙනාට කතා කරන්න හිතාගෙන ෆෝන් එක අතට ගත්තත් මොකද වෙලාවෙ හැටියට කතා කරනවද නැද්ද කියල හිත හිතම මන් විනාඩි ගාණක් වැය කරලා තිබුණා...

ආක්ෂ POV end.

.

3rd person pov-

පාන්දර දැකපු හීනයක් නිසා නින්දෙන්ම කියවමින් ඇහැරුණ සිහින ඇද මත වාඩි වෙලා හති දාමින් හිටියා.. ආත්මයම වෙලා ගන්න ඒ හුරුපුරුදු වචන ඇහෙද්දි සිහිනට දැනුනේ පපුව කීරිගැහිලා යන වේදනාවක්... භයානක හීනයක් නොවුණත් ඒ, පොඩි කොල්ලො දෙන්නෙක්ගෙ අතීතයක් උනත් සිහිනට ලොකු වේදනාවක් දැනුනේ ඒ අතීතෙ අදුරු මතක එක්ක ලොකු වේදනාවක් කොහෙහරි හැන්ගිලා තියෙන නිසා වෙන්නැති.... හැමදාම පෙණුන නපුරු හීනේ ඇහුන එකම ආදරණීය කටහඬ නිසා හැමදාමත් වගේ සිහිනගෙ ඇස් වල කදුලු පාලනයක් නැතුව කඩා හැළුණා...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Место, где живут истории. Откройте их для себя