මන් හිතන්නෙ මන් ගොලු උනා වගේ උනා. එයා වටේනොයා මගෙන් කෙලින්ම එයාට මලක් දුන්නෙ ඇයි අහද්දි...එයා මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් කොහොම දෙන්නද කියලා ඇත්තටම මට, හිතාගන්න බැරිඋනා.... ෆෝන් එකත් කනේ තියාගෙන තප්පරයක් දෙකක් යනකන් මුකුත්ම නොකිව්ව මම එයාට දෙන්න උත්තරයක් හෙව්වා...
"වැඩක් නැත්නම් පොතක් පතක් බලාගන්නවා."
එච්චරයි....මන් කෝල් එක කට් කරා...වෙනදට 'පරිස්සමින්' කියන වචන ටික කියනකන් ෆෝන් එක නොතිබ්බ මන් අද ඔක්කොටම කලින් කෝල් එක කට් කරා. මොකද මගෙ හදවත හයිස්පීඩ් යන්න ගත්තා.
පුදුමෙකට......නැත්නම්...
කලබලේකට.....
කොහෙද කලබලයක් තිබුණෙ.....මන් හිතන්නෙ ඒ සතුට වැඩි කමට... අන්තිමට මන් පොඩි එකාටත් සැර කරලා තමයි ෆෝන් එක තිබ්බේ....ආහ්...What have u done sihina.!! ඔයා මොනවද දෙයියනේ මට මේ කරලා තියෙන්නෙ.
මේ හැම විපරියාසයක්ම උනේ මේ ශරීර කූඩුව ඇතුළෙ වෙද්දි පිටට මන් අර සීතල ආක්ෂම උනා.....මේ ආක්ෂ අභිමන්, සිහින කියන පුංචි කොල්ලට ආදරේ කරේ ලබා ගන්නවටත් වඩා ඇහේ තියාගෙන පරිස්සම් කරන්න වෙද්දි තවම ඕලෙවල් වත් ලියලා නැති පුංචි එකා ආදරයක් නිසා අනාගතේ විනාස කරගන්නවා බලන් ඉන්න බැරි නිසාම පපුව අස්සෙ එක්කහු උන ආදරේ මම හැංගුවා.
ඉදලා හිටලා ඉගියක් දෙකක් නොදුන්නමත් නෙමෙයි.....කොහෙද කැස්සයි ආදරෙයි හංගගෙන ඉන්න බැහැලුනෙ....
ෆෝන් එකත් අතේ තියාගෙනම මන් කල්පනා කරා....මගෙ මූණෙ ඇදුණෙ මහ කෝල හිනාවක්. කොහොම හිටපු කොල්ලෙක්ද මේ ආක්ෂ!!. මේ උනහපුලු පැටියට කවුරු මේ වගේ අදහස් ඔලුවට දැම්මද මන්දා. අනිවා අර කොට තාරා පැටියා තමයි මේවට වගකියන්න ඕන.
"මල් දෙන්නෙ හිමිකාරයොලු.." හහ්....ඉදපන්කො ඔය තාරා පැටියා මට අහු වෙයිනෙ වෙලාවක...
පිටතින් මන් ඔහේ ෆෝන් එක දිහා බලන් ඉන්නවා වගේ පේන්න ඇති... ඒත් මන් හිත ඇතුළෙන් පිනුම් ගැහුවා. ඒ අස්සෙත් හිත යටින් සිහිනට බොරුවට බැන්නා.. දෙයියනේ මේ උනහපුලු පැටියට තේරෙන්නෙ නෑනෙ මන් මේකාට කැමති බව....එක්කො මේකා නොතේරුනා වගේ ඉන්නවා.
ВЫ ЧИТАЕТЕ
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Документальная проза| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...