විසි හය වන සිහිනය 💭

219 32 50
                                    


අලුත් අවුරුදු නිවාඩුවත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.... අද අවුරුදු නිවාඩුවට පස්සෙ ඉස්කෝලෙ යන පළවෙනි දවස.. මන් හිටියේ අපේ ලේන් එක දිගේ බස් හෝල්ට් එකට ඇවිදගෙන එන ගමන්. ස්කෝලේ යුනිෆෝම් එක දවස් ගාණකට පස්සෙ ඇන්දේ අද...අවුරුද්දට ගෙදර හදපුවා මදිවට හැම අහින්ම තෙල් කෑම කාලා මහත් වෙලාද මන්දා... ඉණත් යන්තම් හිරයි වගේ. හරියන්නෙ නෑ ආක්ෂ බඩ අඩුවෙන්න ටමී ටී එකක්වත් ගෙනත් බොන්න වෙයි... එක්කො උදේට පොඩි ජොගින් පාරක් දැම්මනම් හරි. දැන් ඉතින් ස්කෝලෙ එන්න යන්න යන ටිකට වෙන එක්සර්සයිස් ටික හොඳටම ඇති. 'ආයෙ ප්‍රැක්ටිස් ගියාම ඕවා හරියයි ආක්ෂ'. මන් මටම කියාගත්තා...

උදේ පාන්දරම බලු බල්ලෙක් පේන්න නැති පාර දිගේ මන් ඇවිදගෙන ආවා. ඇවිදගෙන ආවට මොකද මට දැනුනේ මන් පාවෙනවා වගේ....අද ආක්ෂ ෆුල් හැපී එකේ ඉන්නෙ. ක්ලාස් එක්කයි පාඩම් වැඩයි එක්ක හුස්මක් කටක් ගන්න නොගෙන ගෙවිලා ගිය සති අන්තෙකින් පස්සෙ සිහිනව දකින්නෙ අද... ඉතින් සැනසීමක් දැනෙන එක අහන්නත් දෙයක්ද....

"අයියේ පොඩ්ඩක් හෙමින් යනවකො හලෝ.."

ඒ ටකරං වොයිස් එක කාගෙද කියලද බැලුවේ. ඒ අපේ සිතූ...තාත්තා නයිට් ෂිෆ්ට් නිසා අද ඒකිත් මාත් එක්ක. ඒකිගෙ කෑගැහිල්ලත් එක්ක මන් පොඩ්ඩක් පිටිපස්සට හැරුණා. ඔය එන්නෙ මට අඩි දෙක තුනක් පිටිපස්සෙන්. උරහිස දිගේ හැලෙන බෑග් එකත් උඩට අදින ගමන් මූණත් ගොරක ලෙල්ලක් කරගෙන එන්නෙ ඔය. ඒකිගෙත් කට විතරයි වැඩ නෑ. මන් ආයෙම ඉස්සරහ හැරුණා..

"ඔය කට පියාගෙන, ගාටන්නැතුව එනවද ඉක්මනට"

"ඇයි ඇයි...මොනා කරන්නද...මන් එන්නෙම නැහැ."

ඒකිට ඉක්මනට එන්න කියපු මම ඉස්සරහ හැරිලා ආයෙම ඇවිදගෙන යද්දි දුවගෙන ඇවිත් මගෙ උරහිසට පාරක් ගහපු සිතූ අත් දෙකත් බැදගෙන එහෙමම නතර වෙද්දි උරහිස අතගාන ගමන් ඒ පැත්ත බලන්නවත් හැරුණෙ නැති මම දිගටම ඇවිදගෙන ආවා.

"එන්නැත්නම් තනියම එන එකයි ඇත්තෙ. විශාක බලාගෙන ඇති මන් යනෝ"

"විශාක අයියද වෙන කවුරුහරි ද...?"

යකෝ පාර මැද්දෙ ඔහොම කෑ ගහනවද! බෙරිහන් දීලා වෙන කවුරුහරි ද අහපු සිතූ ආයෙත් දුවගෙන ඇවිත් මගේ ගානටම ඇවිදගෙන ආවත් ඒකිගෙ මූණ නම් තිබුණෙ පාර දිහාවට නෙමෙයි මගෙ දිහාවට කියලා ඇහැ කොණෙන් උනත් මට පෙනුනා...දැන් ඔය මගේ මුණ දිහා කන්න වගේ බලන්නෙ මගෙ මූණෙන් එක එක දේවල් අල්ලගන්න වෙන්නැති.

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now