11

163 32 5
                                    

.
.

"ම්..මේ මැරේජ් එක්-එක කැන්සල් ක-කරන්න කියලා කිය්-යන්න"

"මොකක්ද?ඒ මොකද ඒ?" මං ඇහුවෙ මගෙ සුපුරුදු නපුරු කටහඩින්

"සැ-සැර කරන්න එ-එප්පානෙ"

"සැර කරන්න එපා කියන්නෙ? ඔක්කොම ඩිසයිඩ් කරාට පස්සෙ ඔහොම කිව්වාම හරියනවද ආහ්? මොකද එකපාරටම ඔයාගෙ ඩිසිශන් එක වෙනස් උනේ?"

"ගෙ-ගෙදර ප්‍රශ්නයක්.."

"ඒ කියන්නෙ ඔයාගෙ අකමැත්තක් නෑනෙ? අනික ඔයාගෙ අප්පච්චීත් කැමතිනේ.. එදා ඇවිතුත් කිව්වෙ පුලුවන් ඉක්මනට වෙඩින් එක ගමු කියලා.."

"එ-ය්යා..නෙවෙ"

"එහෙනම් කවුද?" මං ඇහුවාම ශිතෙව් අහක බලාගත්තත් මං ආයිත් එයාගෙ මූනෙන් අල්ලලා මගේ දිහාට හරව ගත්තා.

"ම්ම්..කවුද මගේ පැටියට කරදර කරන්නෙ?" මං පැටියා කියනකොටම ශිතෙව්ගෙ මූන බීට් රූට් එකක් වගේ රතු උනා.කියුට්...

දැන් නම් ඇත්තටම වගීශ කිව්වා වගේ මෙලො දෙයක් ගැන හරියට හොයන්නෙ බලන්නෙ නැතුව ශිතෙව්ටම වැරැද්ද පටවපු එක ගැන මට තිබුනෙ පසුතැවීමක්..අද එයා මෙහෙම ආවෙ නැත්තං තවත් ශිතෙව්ව මං රිද්දනවා නේද කියලා මතක් උනාම මට ඕනෙ උනෙ ඔලුව හප්පගන්න බිත්තියක!

"අ-අයියේ"

"ම්ම්ම්?"

"බයයි"

"කාටද පැටියෝ?" මං ඇහුවත් එයා උත්තරයක් නොදි බරට හුස්මක් අතඇරලා මගේ උරහිස උඩින් ඔලුව තියාගෙන ඇස් පියාගත්ත.මමත් ආයි එයාට කරදර නොකර ඔලුව අතගාන්න ගත්තා

ඔයාට කියන්න බැරි නම් මං හොයාගන්නංකො පැටියෝ..මේ පැටලුනු නූල් බෝලෙ ඉක්මනටම ලිහා ගන්න ඔනෙ

____අභිශේක් pov___

ශිතෙව්ව එයාගෙ ගෙදරින් ඩ්‍රොප් කරපු මම කෙලින්ම ගියේ අපෙ ගෙදරට.යනකොටත් මං දැක්කා අම්මයි අප්පච්චියි ගාර්ඩ්න් එකට වෙලා තේ බොනවා ඉතින් තවත් පරක්කු වෙන්නැතුව කෙලින්ම ඒ දෙන්නා ගාවට  ගිහින් අම්මගේ තේ එකත් හොරකන් කරලා ඒ දෙන්නා මැද්දේ ඉදගත්තා

"ආහ් මෙන්න මෙයාට ගෙදර මතක් වෙලා..වෙනදට මට දහ පාරක් විතර වදින්න වෙනවා ගෙන්න ගන්න!"

"දැන් එක එකත් වැරදිද???මං යනවා ඒනම් යන්න ම්හුක්" මං කිව්වෙ ගස්සලා නැගිටින ගමන්.

"ඇත්තටම පොඩි පුතා..මට වෙලාවකට මේවා විඩියො කරලා ලොකු ප්‍රජෙක්ට එකකට දාලා කම්පැනි එකෙ ඉන්න අයට පෙන්නන්න හිතෙනවා! ඒ මිනිස්සුන්ට හාර්ට් ඇටැක් හද්දවන්න ඕනෙ නැති නිසායි මං  නිකන් ඉන්නෙ"

"අනෙ යන්න අප්පච්චි යන්න..ඔයාලා දෙන්නම එකයි!අයිය නම්-" මගෙ කටින් අයියා කියලා පනිනකොටම එච්චර වෙලා මූනවල් වල තිබ්බ හිනාව නැතිවෙලා ගියා.අනෙ ඉක්මනට ඇස් ඇරියා නම් ඔයා..

"ක්‍රැහ්ම්..ඒක නෙවෙයි මොකද මේ පැත්තෙ?" අප්පච්චි කිව්වෙ අපි වටේ තිබ්බ ජරා නිහඩකම අයින් කරන ගමන්

"අප්පච්චි මට ඉක්මනට ශිතෙව්ව කසාද බදින්න ඕනෙ!" මං එකපාර කියලා දැම්මේ අප්පච්චිට බොන්න ගත්ත තේ උගුරත් හිරවෙද්දි.

"කැහ් කැහ් කැහ් මො-මො.."

"මට පිස්සු හැදිගෙන එනවවත්ද නැත්තං පොඩි පුතා ඒක ඇත්තටම කිව්වද??"

"අම්මා!!"

"අහ්..ඇත්තටම කියලා වගේ..! මං කිව්වෙ සසංක.. සුදු පුතාව දැක්ක ගමන් අපේ ඉලන්දාරියා එයාට කැමති වෙනවා කියලා " අම්මා කිව්වෙ කටකොනෙනුත්  හිනාවක් දාලා

"ම්ම්..මං එහෙනං ලබන මාසෙ-"

"බැ අප්පච්චී! මට මේ සතියෙම  අනිවාර්‍යෙන්ම  වෙඩින් එක කරන්න ඕනෙ..." මං කිව්වෙ අම්මගෙයි අපච්චිගෙයි ඇස් තවත් ලොකු කරලා

"පුතා මැරේජ් එකක් කියන්නෙ සෙල්ලමක් නෙවෙ...මේ වගේ දේවල් කල් අරං කරන්න ඕනෙ.."

"ඔයාට කරන්න බැරි දෙයක් නැ කියලා මං දන්නවනෙ අප්පච්චී..මං ඒනම් ලබන සතියෙ මනමාලයෙක් වෙන්න බලන් ඉන්නෙ හරිද?"

"එක්කො ලබන සතියෙම බදින එක හොදයි සසංක..සුදු පුතාව ඉක්මනට අපි ගාවට ගන්න තරමට ඩේන්ජර් එක අඩුයි.."

"ඔයාලා කලින් ශිතෙව්ව අදුනනවද අම්මා?" මං අම්මගෙන් ඇහුවේ එදා ශිතෙව්ගෙ මල්ලි හිටියා උනත් අම්මා එයාව වැඩිය කෙයා කරේ නැති නිසා.

"ඔයා නොදන්න ලොකු කතාවක් තියෙනවා පුතා!..ඉක්මනටම ඔයාට ඒවා දැනගන්න ලැබෙයි එතකන් සුදු පුතාව පරිස්සමින් බලාගන්න..මට පොරොන්දු වෙන්න මොන කරදරේ ආවත් එයාව අතාරින්නැ කියලා" 

"කවදාවත් නැ අප්පච්චි..යු කැන් ට්‍රස්ට් මී"

"අයි ට්‍රස්ට් යු පුතා"

☺️🌼~
වෝට් එකක් දාගෙනම යම්න ඒයිලා
ඊයෙ හවස දාන්න අමතක උනානෙ ඒ නිසා අද දැම්මා 💛

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now