🍂 පෙරවදන 🍃

8K 727 23
                                    


" වේදනාව..!
ඉතින් නුඹ මේ තරම් දරුණුයිද...? "

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

ඉමක් නැති සෙනඟ අතරේ මගේ ඇස් ඒ මේ අත දිව්වේ මම ආදරේ කරන ඒ ඇස් දෙක අහම්බෙන් හරි ආයෙම සැරයක් දකින්න ලැබේවි කියලා.......මගේ සුරංගනාවිගෙන් ඈත් වෙලා අදට මාස කීපයක් උනත් මට දැනුනේ හරියට කල්පයක් වගේ.

" මගේ පුංචි සුරංගනාවී...ඔයා කොහෙද ඉන්නේ..?මම දන්නවා මම කලේ ලොකු වරදක්.මට එකම එක අවස්ථාවක් දෙන්න...ආයෙම රිදවන්නෑ කවදවත්ම.."

මම මට ම මුමුණන ගමන් පාක් එකේ කොනක තිබුන ලී බංකුවක වාඩි උනා...සුදු පාට හිමෙන් වැහිලා තිබුන පාර්ක් එකේ සීතලට තුරුල් වෙලා යන ආදරවන්තයින් දැක්කහම මටත් නොදැනීම මගෙ හිත අතීතෙට දිව්වා..

" ජන්ගුක් ඇත්තටම මට ආදරෙයි නේද..?"

" දේ මැණික....මාව විස්වාස නැද්ද...?"

" අනී....ගොඩක් විස්වාසයි..."

" පොරොන්දු වෙනවද කවදාවත් මාව අතාරින්නෑ කියලා..."

" ප්‍රොමිස්..කවදාවත්ම අතාරින්නේ නෑ..."

මුලු හදවතින්ම මාව විස්වාස කරලා, මගෙ ලඟ උනුහුමට ගුලි උන මගේ මැණිකව මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුණා...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

වේදනාවට පුලුවන් ආදරණීය හදවත් අමු අමුවේ මරලා දාන්න....හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ...🍂🍃

"මම ජන්ගුක්. ඒත් මං කැමතීයි මට JK කියනවානම්...ඉතින් මේ මගේ කතාව "

"වෛරයෙන් මත්වුන,
සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව".🖤🥀

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now