25 කොටස

1.8K 372 9
                                    

ගෙදර ගේට් එකෙන් බයික් එක ඇතුලට දානකොටම මම දැක්කේ දොර ලඟට වෙලා මග බලන් ඉන්න නැනී ඔම්මව.මම බයික් එක ගැරේජ් එකට දැම්මා විතරයි නැනී ඔම්මා කලබලෙන් වගේ මගේ ලඟට දුවගෙන ඇවිත් මට ගහන්න පටන් ගත්තා..

" කෝල් එක ආන්ස්වර් කලේ නැත්තේ ඇයි..."

ඇස්වල කඳුළු පුරවගෙන මට රිදෙන්නේ නැතිවෙන අත් වලට ගහන නැනී ඔම්මා දැක්කම මට පුදුම දුකක් ඇති උනා...ගහන පාරවල් යන්තම්වත් රිදෙන්නෙ නැති උනත් මම බයික් එකෙන් බහින ගමන් බොරුවට කෑ ගැහුවේ ඔම්මව හිනස්සන්න හිතාගෙන..

" ආ....හ්...ඔම්මා රිදෙනවා...ඔම්මා...."

" ආයෙම ආන්ස්වර් නොකර ඉන්නවද..? මම කොච්චර බය උනාද...? "

නැනී ඔම්මා වෙවුලන කටහඬින් කියව කියව මා දිහා නොබලාම මට ගහන්නේ ගොඩක් දුකින් කියලා දන්න නිසා මම ඔම්මාව බදාගත්තා..

" ඔම්මා....."

" ආ....යිගෝ....ආ....යිගෝ....මගේ වස්තුව...අනේ මම බය උනා "

" ආ....යිගෝ....ඔම්මා මම ඔම්මව දාලා කොහෙවත් යන්නෑ..."

" අනේ මීට පස්සේ මම කෝල් කරනකොට ෆෝන් එක ආන්ස්වර් කරන්න වස්තුවේ..."

" අද ෆෝන් එක සයිලන්ස් දාලා තිබිලා ඔම්මා...
මියන්හේ...මීට පස්සේ මම කොහේ ඉදියත් ෆෝන් එක ආන්ස්වර් කරනවා..."

" අරස්සෝ...දැන් යමු ඇතුලට...අද වහින්නත් වගේ..."

නැනී ඔම්මා එහෙම කියනකොට මම ඔම්මගේ කරට අතකුත් දාගෙන ගේ ඇතුලට ආවා...

" වස්තුව....ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්නකො..මම කෑම ලෑස්ති කරන්නම්.."

" දේ....ඔම්මා කවනවද අද...? "

තාමත් නැනී ඔම්මා ඉන්නේ දුකින් නිසා මම එහෙම කීවම නැනී ඔම්මා මා දිහා බලලා හරි ආදරෙන් හිනා උනා..

" අරස්සෝ...මම කවන්නම්..."

නැනී ඔම්මා කෑම රෙඩි කරන්න කිචන් එකට ගියාට පස්සේ මම කාමරේට ඇවිත් වොශ් එකක් දාගෙන ඇඳට ආවා...අද දවසේ වුන හැමදේම මට දැනුනේ හීනයක් වගේ....ටික වෙලාවක් ඇඳට වෙලා කල්පනා කර කරා ඉන්නකොට ඇඳේ පැත්තකට වෙන්න තිබුන ෆෝන් එකට මැසේජ් එකක් ආවා...ඒක ජිමින්ගෙන්..

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Donde viven las historias. Descúbrelo ahora