17 කොටස

1.6K 384 20
                                    

" ජිමිනා.....මොනව හරි කමුද..?
බඩගිනියි..නීරටත් එන්න කියන්න."

එහෙම කියලා අපි නීරාත් එක්කගෙන කැන්ටින් එකට ගියා...කැන්ටිමට ගිහින් කෑමත් අරගෙන හිස්ව තිබුන ටේබල් එකක අපි තුන් දෙනාම ඉදගත්තා...වටපිට බලනකොට මම දැක්කේ පුටුව ඉස්සරහම ටේබල් එකට වෙලා මා දිහා බලාගෙන ඉන්න හනාව..එයාව දැක්කම කලින් වගේම මොකක්දෝ හැඟීමක් දැනුණා...

ජේකේ....ඔයාට මොකක් වෙලාද..? මිආ ගැන හිතන්න....ඔයාට මිආ වෙනුවෙන්  කරන්න ලොකු දෙයක් තියෙනවා....මම මටම කියාගන්න ගමන් හනාව ඇස් වලින් මගෑරලා කෑම කන්න පටන් ගත්තා...කැම කාලා ඉවර වෙලා හනා දිහා බලන්නෙවත් නැතුව මම ජිමිනුයි නීරායි එක්ක කැන්ටින් එකෙන් එලියට ආවා...

" JK මොකෝ සයිලන්ට්...මොකක් හරි ප්‍රශ්නයක්ද...? "

" අ....අනී ජිමිනා...ප්‍රශ්නයක් නෑ....මම හොඳින්...."

ජිමින්ට උත්තර දෙන ගමන් මම සාක්කු අතගාලා බැලුවේ මගේ ෆෝන් එක කොහෙද කියලා...මිස්ටර් නම්ජුන් මේල් එකක් හරි එවලද බලන්න ෆෝන් එක හෙව්වත් මට ෆෝන් එක හම්බුනේ නෑ...

" ම...මගේ ෆෝන් එක...? ඒක නෑනේ..."

" මො...මොකක්ද...? ඔයා හෝල් එකේ දාලා ආවද...? "

" අ..අනී නීරා...මම කැන්ටින් එකට යනකොටත් ඒක තිබුනා..."

එතකොට තමයි මාව සීතල වෙලා ගියේ...කවුරු හරි ෆෝන් එක බැලුවොත්...හැමදේම ඉවරයි..මගේ ගොඩක් විස්තර ඒකෙ තියෙනවා.මම එහෙන්මම හැරිලා පුලුවන් තරම් වේගෙන් ආයෙමත් කැන්ටින් එකට දිව්වා...

අපි ඉඳගෙන ඉදපු ටේබල් එක ලඟට යනකොට මම දැක්කේ හනා මගේ ෆෝන් එක අතේ තියන් ඉන්නවා...

" යා..හ්...කාගෙන් අහලද ඕක ගත්තේ...? "

මම කෑ ගහනකොට හනා ගල් ගැහිලා වගේ මගේ දිහා බලන් ඉදියා...

" අ....අ...අනී....මේ ඔයාගේ ෆෝන් එකද ? ඒක මේසෙ උඩ දාලා ගිහින් තිබුනා.."

" ඉතින්....ඔයා මොකටද අනුන්ගේ ෆෝන් අරගන්නේ...? ඔයාට අදාල නෑනේ.."

එහෙම කියලා මම හනා අතින් ෆෝන් එක උදුරලා අරගත්‍තා....

" මියන්හේ...මම අයිතිකාරයා බලලා දෙන්නයි හැදුවේ...මියන්හේ..."

ඔලුව නමලා බයෙන් වගේ කතා කරන හනාව දැක්කම මට දුක හිතුනත් ඒ වග පෙන්නන්න ගියේ නෑ...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now