19 කොටස

1.6K 380 5
                                    

" ම....මම...ජිමින්...වේ...? වේ මම අඬන්නේ...? "

" JK ඇති දැන් ඇති..ඔයා මේ තරම් කල් මහන්සි උනේ මේ දේවල් හොයාගන්න නේද...? අද ඒ අය ඔයාගේ ඇස් ඉස්සරහම ඉන්නවා...".

ජිමින් කියන දේ ඇත්ත...අද මම හොයපු  කෙනා මගේ පේන මානේ ඉන්නවා..ඒත් මගේ හිතේ ඒ ගැන තිබුණෙ වේදනාවක්..මට දැනුනේ මගේ දෙයක් මට නැති වුනා වගේ..ඒත් තවත් මට ඉවසගෙන ඉන්න බැරි උනා...ඉක්මනට ෆෝන් එක අරන් මම බැලුවේ ටේයුන් ෆොටෝ එකට යටින් එවල තිබුන මැසේජ් එක...

මෙච්චර කල් හොයපු මිආගේ මරණෙට වග කියන්න ඕනි හැම කෙනාගෙම විස්තර එකින් එක ඒකෙ තිබුනා..ඒ දේවල් දැක්කම මගේ හිතේ තිබුන වේදනාව වෙනුවට වෛරය හිතේ පිරුනා..

" JK මෙ....මෙයා...එතකොට මිආගේ මරණෙය වග කියන්න ඕනි මෙයාද...? "

නීරා පුදුමෙන් වගේ ටේයුන් එවපු පොටෝ එක දිහා බලාගෙන අහනකොට මට ඉබේම ජිමින් දිහා බැලුනා...

" නීරා...මම හැමදේම පැහැදිලි කරන්නම්...."

එහෙම කියලා මම නිරටයි ජිමින්ටයි හැමදේම එකින් එක පැහැදිලි කලා..

" නීරා අද ඉදන් මේ මොහොතේ ඉදන් මම කියන දෙයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න එපා..."

" අරස්සෝ JK..."

" ඒ වගේම මම කියපු හැම දෙයක්ම පිළිවෙළට කරන්න...අපිට මේ අවස්ථාව නැති කරගන්න බෑ...මේ දවස එනකම් මම මග බලාගෙන ඉදියා.. ඒ වගේම මේක ටික කාලයක් අපිට ඉවසගෙන බලාගෙන ඉන්න වෙයි "

හිතේ තිබුන හැඟීම් ඔක්කොම වෛරයකට පෙරලිලා යනකොට මම හැඟීම් දැනීම් නැති ගානට එයාට වෛර කරන්න පටන් ගත්තා...ඒත් මට කැම්පස් එකෙේ සාමාන්‍ය විදිහටම හැසිරෙන්න වෙන නිසාත් මිආ ගැන අපි හොයන වග උන් දැනගත්තොත් හැම මහන්සියක්ම වතුරෙ යන නිසාත් අමාරුවෙන් හරි කලින් විදිහටම හැසිරෙන්න හිත හදාගත්තා...

" ජිමින්....නීරා ඔයාලා දෙන්නා කිසිම වෙලාවක වෙනසක් පෙන්නන්න එපා...කලින් වගේම සාමාන්‍ය විදිහට හැසිරෙන්න.."

මම කියනකොට ජිමින් නීරා දෙන්නම හා කියන්න ඔලුව වැනුවා..

" දෙන්නටම මම කියපුවා මතකයිනේ...හැමදේම මම කියපු විදිහටම පටන් ගන්න..."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now