12 කොටස

1.7K 388 39
                                    

" දවස් කීයක් හෙව්වද...? කොහොම හරි ලිස්සලා ගියා නේද...? "

කෝච් සර්ගේ කටහඬට පිටිපස්ස හැරිලා අපි දෙන්නම හිනා වුනේ ඇත්තටම දෙන්න උත්තරයක් ළඟ තිබුනේ නැති නිසා..

" අ....අනී...මේ...මේකයි සර්..."

" අනී..අනී..මේකයි..මේකයි නෙමෙයි තමුන් දෙන්නා දන්නවද මම දවස් කීයක් හෙව්වද කියලා තමුන්ලව ? "

මම කතා කරන්න හැදුවත් සර් ඒකට ඉඩ නොදී බනින්න පටන් ගත්තා..

" මහ ලොකුවට දෙන්නත් එක්ක ඒ දවස්වල බෝලේවත් පාස් නොකර වලි කෑවා නේද...? දැන්...? දැන් ග්‍රවුන්ඩ් එක පැත්ත පළාතෙ නෑ..."

" අනී...අපි එන්න ඉදියේ...අද ප්‍රැක්ටිස් යමු කියලත් මම කිව්වා නේද JK..?"

මම පුදුමෙන් වගේ ජිමින් දිහා බැලුවේ එයා එහෙම එකක් කීවේ කොයි වෙලේද කියල මතක් කරන ගමන්...

" ගල් ගිල්ලා වගේ ඉන්නැතුව ඔව් කියනවා මනුස්සයෝ...නැත්නම් අද බේරෙන්න වෙන්නෑ..."

මම කල්පනා කරනකොට ජිමින් මගේ කනට කරලා රහසින් කිව්වා.

" අ...ආ....දේ...දේ...හරිනේ අද යන් කියලා කිව්වනේ...අපි මේ දැන් එන්න හැදුවේ..."

මම එහෙම කියනකොට ජිමින් මගේ දිහා රවලා බැලුවා...මම මොකක් හරි වැරැද්දක් කළාද..මම එයා කියපු එකනේ කිව්වේ..එහෙම හිතන ගමන් මම ජිමින් දිහා බලලා හිනා වුනත් ජිමින් කලේ මට රවපු එක..

" ඕ....ඒකත් එහෙමද...? දැන් එන්න නම් හැදුවේ..ඒහෙනම් දෙන්නත් එක්කම යන්කො ග්‍රවුන්ඩ් එකට...අද පැනලා ගිහින් තිබුනොත් මම ඔයාගේ අබොජිට කම්ප්ලේන් කරනවා මේ ගැන.මම විනාඩි 5ක් දෙන්නම්.විනාඩි 5ක් ඇතුලත දෙන්නම ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕනි..."

කෝච් සර් එහෙම කියන ගමන් හෝල් එකෙන් එලියට ගියා...සර් ගියා විතරයි ජිමින් මගේ බෙල්ලට පැනලා බෙල්ල වටේ අතක් දාලා මගේ බෙල්ල හිර කරගත්තා..

" යා....හ්...මොකක්ද ඒ කරේ.....මෝඩයා....මදැයි බොරුවක් කිව්වා.."

" ව්....වේ...මම කලේ ඔයා කියපු එකනේ..."

" මම කිව්වේ ඔවු කියන්න මිසක් දැන් එනවා කියන්න නෙමෙයි...දැන් ඉතින් කන්නවත් හම්බෙන්නෙ නෑ...මදැයි..මට බඩගිනී මනුස්සයෝ..."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Waar verhalen tot leven komen. Ontdek het nu