30 ( අවසන් කොටස )

3.1K 423 19
                                    

හූ සුක් කිව්වා වගේම මම හවස හතර වෙනකොට ජෙසිකා ක්ලබ් එකට ගියා..හැමදේම හරියටම සෙට් කරගෙන මේ ඩීල් එකට මම ගියේ ඩීල් වෙන පිලිවෙල ගැන සාක්ශි එකතු කරගන්න....මම ඇතුලට යන්න හදනකොටම සිකියුරිටි එකෙන් මාව චෙක් කලා...මාව චෙක් කරල ඉවර වෙනවත් එක්කම ක්ලබ් එක ඇතුලේ ඉදන් හූ සුක් මගේ ලඟට ආවා..

" ජන්ගුක්..මම ඔයා එනකම් බලන් ඉදියේ..."

එහෙම කියලා හූ සුක් මගේ කරට අතකුත් දාගෙන මාව රූම්ස් තියෙන පැත්තට අරගෙන ගියා...28 වෙනි රූම් එකෙන් ඇතුලට ගිය හූ සුක් මට ඇතුලට එන්න කියලා ඉඟි කළහම මමත් රූම් එක ඇතුලට ගියා...ඒත් රූම් එක ඇතුලට ගියාට සැක සහිත කිසිම දෙයක් පේන්න තිබුණෙ නෑ....මම පුදුමෙන් වගේ වටපිට බලනකොට හූ සුක් හිනා වෙලා මගෙ ලඟට ආවා..

" යා....හ් ජන්ගුක්...මොනවද හොයන්නේ...ඒවා එහෙම මේ වගේ තැන්වල තියන්නෑ...ඒවට වෙනම තැන් තියෙනවා..."

හූ සුක් එහෙම කියලා කාමරේ කලවරේ බිත්තිය ලඟට ගිහින් එතන එල්ලලා තිබුණු ඔරලෝසුවේ විනාඩි කටුව නමය ලඟට කැරකෙව්වම බිත්තිය එකපාරටම ඕපන් උනාම මට පුදුම හිතුනා..එතකොට මේ හැමදේම වෙන්නෙ මේ බිත්තියෙන් එහා පැත්තෙද...ජන්ගුක් ඔයා හැමද්ටම ලං වෙලා ඉන්නේ..මම හිතින්  මටම කියාගන්න ගමන හූ සුක් පිටිපස්සෙන් ඇතුලට ගියා...

ඇතුලට ගියාට පස්සේ දැක්ක දෙයින් මාව ගැස්සිලා ගියෙ එතන තියෙන පොඩි ඉඩේ හැමදේම රෙඩි කරල තියෙන හැටි දැක්කමයි..
පොඩි ඇඳක් මේසයක් පුටුවක් කබඩ් එකක් එක්ක එතන තිබුනේ මද අඳුරක්...කෙළවරට වෙන්න තිබුණු පොඩි වොශෲම් අදුරු කාමරේ පෙනුනේ පොඩි ඇනෙක්සි එකක් වගේ..මම රින්ග් එකයි වොච් එකයි ඒ මගේ ඉස්සරහට පේන හැමදේම වීඩියෝ රෙකෝඩින් වෙන විදිහට රෙඩී කරගෙන තිබුන නිසා පුදුම වෙලා ඒ දේවල් දිහා බලන විදිහට මම හෙමින් වටයක් කැරකි කැරකි වටේම දේවල් වීඩියෝ කරගත්තා..

" ජන්ගුක්...මේ තමයි අපි ඩීල් කරන තැන...මෙතන කිසිම කෙනෙක් දන්නෙ නෑ..."

" ඕ.....හ්....එතකොට හැම දෙයක්ම වෙන්නෙ මෙතනද.? අද එනවා කියපු කෙනා කෝ එතකොට...? "

" අනී....දැන් එන ගමන් කිව්වා...ලඟම ඇති.."

හූ සුක් එහෙම කියනවත් එක්කම අපි ඉදපු කුටියට එන රහස් දොර ඇරුණා...මම රින්ග් එකයි වොච් එකයි ඒ පැත්තට ඒම් වෙන විදිහට හිටගත්තේ ඒ හැම මූනක්ම ස්කෑන් වෙලා වීඩියෝ වෙන්න අරින ගමන්...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now