27 කොටස

1.9K 380 25
                                    

" ආ....යිගෝ...ගොරවනවට ඔච්චර බයද...? "

" දේ.....ගොරවනවට වඩා අකුණු ගහනකොටයි බය...."

හනා බයෙන් කියලා දැනුණ නිසා මම හනාව මගේ ලඟින්ම තියාගෙන ඉදියා...

" JK...වැස්සක් එන්න හදන්නේ..."

" දේ...අපි ආයෙම කන්දට යන එක භයානකයි...ගඟ පාලමින් යන්නත් ඕනි...කන්දට පයින් යන්නත් ඕනිනෙ."

" ඒත් JK අපිට වෙන තැනක් නෑනේ ඉන්න.අනික අපි මෙහේ අයව දන්නෙත් නෑනේ..."

හනා එහෙම කියනවත් එක්කම එකපාරටම මහා වැස්සක් කඩා වැටෙන්න පටන් ගත්තා..

" හනා එන්න...මෙතන ඉදියොත් හොදටම තෙමෙනවා..පාර දිගේ ඉස්සරහට ගිහින් බලමු "

එහෙම කියලා මම හනාව අතින් අල්ලගෙන පාර දිගේ දිව්වේ අපිට නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද බලන්න...

පාරේ ටික දුරක් යනකොට දකුණු අත පැත්තට වෙන්න කෙලවරේ පොඩි ගෙස්ට් හවුස් එකක බෝඩ් එකක් ගහලා තියෙනවා දැක්ක නිසා මම හනාවත් එක්කගෙන එතනට ගියා..බැලූ බැල්මට ටිකක් පොඩි උනත් එතන හරි පිළිවෙළට තිබුන නිසා මට හිතුනා ගොඩක් අය නිතරම යන එන තැනක් කියලා..

" හනා...වෙන කරන්න දෙයක් නෑ...අද රෑට මෙතන නතර වෙමු.... "

මම එහෙම අහනකොට හනා හා කියන්න වගේ ඔලුව වැනුවා..හනාවත් එක්කගෙන ඇතුලට යනකොට රිසිප්ශන් එකේ ඉදපු ලේඩි සුහදව අපිත් එක්ක හිනා උනා...

" අන්‍යාන්හසේයෝ...."

" අන්‍යාන්හසේයෝ  මිස් අපිට රූම්ස් දෙකක් ගන්න පුලුවන්ද...? "

පැනපු ගමන් තනි රූම් එකක් ඉල්ලලා හනාගේ හිතේ මම ගැන වැරදි අදහසක් ඇති කරවන්න ඕනි නැති නිසා මම රූම්ස් දෙකක් ඉල්ලුවත් රිසිප්ශන් එකේ ඉදපු ලේඩි හිනා වෙලා කියපුදේ නිසා මම පුදුම උනා..හැමදේම මට ඕනිම විදිහට මෙහෙම වෙන එක හැන ඇත්තටම මට තිබුනේ පුදුමයක්....

" ඕ....හ් චිසෝහම්නිදා...අපි ළඟ තව එක රූම් එකයි ඉතුරු...මේ වහින කාලේ නිසා ගොඩක් අය විනෝද වෙන්න ඇවිත් හොටෙල් එකේ නතර වෙනවා...ඒ නිසා අපි ළඟ තියෙන්නෙ තව එක රූම් එකයි...චිසෝහම්නිදා "

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now