11 කොටස

1.7K 404 5
                                    

" දේ...ජිමින්..ඔයා කියන එක හරි..අපි දැන් ගොඩක් ලං වෙලා ඉන්නේ...මේක හොඳින් හෝ නරකින් විසඳෙන්නම ඕනි..නීරා ඔයා එයාගෙන් මිආ ගැන අහන්න.එයාට කතා කරන්න බැරි නිසා ප්‍රශ්නයක් වෙන්නෑ..ඒත් කිසිම වෙලාවක ඔයාගේ මාස්ක් එකවත් කැප් එකවත් ගලවන්න එපා..."

" JK ඔයාට ශුවර්ද...? මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ කියලා විස්වාසද..?"

" දේ ජිමින්...ටිකක් හිතන්න...කතා කරන්න බැරි උනත් ඒ මනුස්සයට ලියන්න පුළුවන්නම් ඒත් මෙයාලා එයාව තියාගන්නෑ...ඒත් එයාව තියාගත්ත එකෙන් තේරෙන්නේ එයා ලියන්න දන්නේත් නෑ කියන එක.ඒ නිසා අපි මේක ඇහුවා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නෑ.."

" යා....හ් ඇත්තනේ..මට ඒක කල්පනා උනේම නෑනේ...JK වාහ්...නියමයි.."

ජිමින් නම් ඉදියේ ලොකු කුතුහලයක් වගේම සතුටකින්...එයාගේ හැසිරීමෙන් මට ඒක තේරුණා...

" අරස්සෝ නීරා....එයා පොඩ්ඩක් තනි වෙනකම් ඉදලා එයා එක්ක කතා කරන්න...එයාගේ මූණේ වෙනසක් වෙනවද බලන්න.බයක් ? එහෙම නැත්නම් දුකක්..මොකක් හරි වෙනසක් වෙනවද බලන්න...එහෙම උනොත් අපිට එයාගේ භාශාව දන්න කෙනෙක් ලවා මේ ගැන දැනගන්න පුලුවන්."

" අ....අනී...අනී...වෙන කෙනෙක් ඕනි නෑ...ඒක මම කරන්නම්...මාව විස්වාස කරන්න."

නීරා එහෙම කීවම මටයි ජිමින්ටයි පුදුම හිතුනා...

" ඔ....ඔයා කොහොමද ගොළු භාශාව දන්නේ...? අනී...නීරා..මම හිතන්නෑ ඔයාට එයාව තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා.."

" අ....අනී...මම එයාලගේ භාශාව ගැන දන්නවා...ඒ ගැන මම පස්සේ විස්තර කරන්නම්...දැන් මේක ගැන හිතන්න.."

එහෙම කියපු නීරා ටික වෙලාවකට පස්සේ ආයෙම කතා කරනවා ඇහුණා...

" අ...අංකල්...ටිකක් කතා කරමුද...? අංකල්ට මතකද මීට මාස කීපයකට කලින් බිල්ඩින් එකෙන් පැනලා නැති වුන ගෑනු ළමයව..."

පොඩි නොහැඬියාවකින් පස්සේ නීරා ආයෙමත් අපි එක්ක කතා කලා..

" JK...මෙයා මොනවම හරි දන්නවා....එයාගේ මූණ වෙනස් උනා.පේන හැටියට ඒක බයකට වඩා දුකක් වගේ..මම දැන් මොකක්ද කරන්න ඕනි.."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now