15 කොටස

1.6K 378 29
                                    

"ර....රඟපානවා කිව්වේ සර්...? "

ජිමින් අහනකොට සර් නලල රැලි කරලා ජිමින් දිහා බැලුවා..

" ජිමින් ඔයා වැටුන එකනම් මට පිළිගන්න පුලුවන්...ඔයා හැම වෙලේම ඇදගෙන වැටෙන කෙනානේ....ඒත් මේ JK ට මොකක්ද උනේ එකපාරටම...ඔයාටත් ජිමින්ගේ භූමි වන්දනාව බෝ උනාද..? "

සර් මා දිහා බලාගෙන කියනකොට මට එකපාරටම ජිමින් දිහා බැලුවේ සර් කියපු කතාවට හිනාව තද කරගෙන...මම තොල් තද කරගෙන හිනා වෙනකොට ජිමින් මා දිහා කන්න වගේ බලන් ඉදියා...

" පොඩ්ඩක් ඉන්නවකෝ මෙතනින් යනකම්..."

ජිමින් රව රවා කියපු විදිහට මට තවත් හිනාව තද කරන් ඉන්න බැරි උනා...තද කරගෙන ඉදපු හිනාව එකපාරටම එලියට පැන්නේ කෝච් සර් ළඟ ඉන්නවා කියලත් අමතක වෙලා..

" වේ මොකද JK හිනා වෙන්නේ...? "

" අ...අනී අනී සර් මුකුත් නෑ..."

අමාරුවෙන් හිනාව තද කරගෙන උත්තර දෙනකොට කොච් සර් මා දිහා බලලා හිනා වුනා..

" මම ඇත්තටම කිව්වේ...ජිමින් දැන් හොඳයි..මුල් කාලේ ජිමින් ග්‍රවුන්ඩ් එකට එන්නෙම භූමි වන්දනාව කරලා...පළවෙනි දවසේ මම හිතුවේ එයා ග්‍රවුන්ඩ් එකට ග්‍රීට් කලා කියලා...පස්සේ තමා දැනගත්තේ වැටෙන එක ජිමින්ගේ හොබී එක කියල "

තවත්නම් හිනාව ඉවසගෙන ඉන්න බැරි උනා....ජිමින්ට පිටට පාරක් ගහලම මම හයියෙන් හිනා උනා...ජිමින් දැනුණ ලැජ්ජාවට අතින් කොන්ඩේ හද හදා යන්තම් හිනා වෙවී වට පිට බල බලා ඉදියා...

" අරස්සෝ අරස්සෝ.....මේක විහිලුවට ගන්න එපා ප්ලීස්...දෙන්නත් එක්ක මේක කරන්න...කොල්ලො දෙන්නා...මට ඔය දෙන්නව ඕනි..ඒකයි මම හොයාගෙන හරි එන්නේ... ඔයාලා දෙන්නම ගොඩක් දක්ශයි...ඒක එලියට ගන්න...අනික ජිමින් ඔයා..රඟපාන්න ලෑස්ති වෙන්න එපා...මම ඔයාව දන්නේ ඔයා ස්කෝලෙ යන කාලෙ ඉදන් ඕකේ...? මම හොදටම දන්නවා රග්බි කියන්නේ ඔයාගේ ඇඟේම තියෙන දෙයක් කියල..."

කෝච් සර් ජිමින්ගේ උරිස්සට තට්ටුවක් දාලා කියනකොට ජිමින් සුහදව හිනා වුනා..ඊළඟට කෝච් සර් බැලුවේ මා දිහා..

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now