20 කොටස

1.6K 382 12
                                    

"යොබොසොයෝ නැනී ඔම්මා...?"

" ව....වස්තුවේ....ලොකු මහත්තයා..."

" වේ...ඔම්මා අබොජිට මොකද...? "

"ආයිගෝ....ලො.... ලොකු මහත්තයා නැති උනා..."

මට දැනුනේ මොහොතකට මගේ හුස්ම නතර වුනා වගේ...කියාගන්න බැරි වේදනාවක් පිරුණු හැඟීමක් එක්ක මටත් නොදැනිම මගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුනා...කිසිම සිහියක් නැතුව ඉදපු මම පියවි සිහියට ආවේ ජිමින්ගෙ කටහඬ ඇහිලා...

" JK...මොකද උනේ...කවුද කතා කලේ...? JK වේ....? "

ජිමින් මගේ උරිස් වලින් අල්ලගෙන අහනකොට මම කලේ එයා දිහා බලාගෙන ඉදපු එක විතරයි...

" JK වේ....? මට කියන්න මොකක්ද උනේ...? "

" ජි....ජිමින්...අබොජි..."

" අංකල්ට මොකද උනේ...JK කතා කරනවා..."

" අ....අබොජි....අබොජි...නැතිවෙලා..ජිමින් අබොජිත් මාව දාලා ගිහින්..."

මට තවත් එතන ඉන්න බැරි උනා...මම අඬ අඬාම පුලුවන් තරම් ඉක්මනට බයික් එකත් අරගෙන ගෙදරට ආවා...මම එනකොටම අබොජිව කාමරේ ඉදන් සුදු රෙද්දකින් වහලා අරගෙන එනවා...

" අ...අබොජි...අබොජි...."

වහලා තිබුන සුදු රෙද්ද අයින් කරලා බැලුවම අබොජි වෙනදට වඩා ලස්සන හිනාවක් එක්ක ඇස් වහගෙන ඉදියා...අබොජිගේ ඇඟේ රස්නේ මට වෙනදා වගේම දැනුණා...මට තවත් දරාගෙන ඉන්න බැරි උනා.දෙපාරක් නොහිතාම මම අබොජිව තදින් බදාගත්තේ පුංචි කාලේ වගේම ඒ උනුහුමට මම තාමත් ආදරේ නිසා...

" අබොජි....? වේ....? මම කිව්වා නේද මම අද අබොජි ලඟම ඉන්නම් කියලා..? වේ අබොජි....? වේ.....? "

මම අබොජිවත් තුරුල් කරගෙන අඬනකොට මගෙ ලඟට ආව නැනී ඔම්මා මාව බදාගෙන අඬන්න පටන් ගත්තා.

" වස්තුවේ....."

" නැ....නැනී ඔම්මා...? වේ ඔම්මා...? අබොජිත් මාව දාලා ගියා...එයත් මිආ ලඟට ගියා....? මට දැන් කවුද ඉන්නේ...? "

මම පුලුවන් තරම් කෑ ගහලා ඇඬුවා...ඒ එක්කම වගේ ජිමින් නීරා දෙන්නා මගේ ගෙදරට ආවා...

" JK...."

" ජි....ජිමින් අබොජි..."

මම ඉකි ගගහා කතා කරනකොට ජිමින් ඇවිත් මාව බදාගත්තා...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now