28 කොටස

2K 380 25
                                    

" හොබී J-4 ටීම් එකේ උඩම රෑන්ක් වල ඉන්න ඒජන්ට්ව රෙඩි කරලා තියාගන්න..මට මතක විදිහට උඩින්ම ඉදියේ හින්...මම කිවුවහම එයාව මගෙ ලඟට එවන්න...."

" අරස්සෝ මිස්ටර් JK... "

සාකච්ඡාව ඉවර කරලා මම කී හවුස් එකෙන් ඇවිත් ජිමින්ට කෝල් එකක් දීලා යුනික් එකට එන්න කියලා මමත් යුනික් බිල්ඩින් එකට ගියා..මම යුනික් එකට ඇවිත් විනාඩි පහකට විතර පස්සේ ජිමිනුත් එතනට ආවා...

" JK...? හදිස්සියෙම ? "

" දේ ජිමින්....පොඩ්ඩක් කතා කරමු..."

" අරස්සෝ කියන්න JK..."

" ජිමින් මම හූ සුක් ලඟට දැන් ගොඩක් කිට්ටු වෙලා ඉන්නේ..හෙට ඉදන් මගේ මිශන් එක පටන් ගන්නවා...මට ටික දවසක් කැම්පස් එකට එන්න වෙන්නෑ...මම ඔයාගේ අබොජිට මේල් එකක් දාල තියෙන්නෙ...ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න....ඒ වගේම කැම්පස් එකේ කාටවත් මම ගැන සැකයක් ඇති වෙන්න දෙන්න එපා...විශේශයෙන් හනාට...මම හනාට කියලා තියෙන්නෙ බිස්නස් වල අවුල් වගයක් නිසා ටික දවසක් මට ඕනි කියලා "

" ඕහ්.....අරස්සෝ JK...ඒත් මොනවා කලත් පරිස්සමින්...."

" දේ....මට ටයිම් එකක් ආව ගමන් ඔයාට කෝල් කරන්නම් ජිමින්..."

" දේ.... හැමදේම ඔයාට ඕනි විදිහටම වෙනවා JK ...ඕනිම දේකට මට කතා කරන්න.."

" අරස්සෝ ජිමින්...නීරව බලාගන්න...ඒ වගේම හනාවත්...එයාව තනි වෙන්න දෙන්න එපා.."

ජිමින්ට දැන් තියෙන තත්වේ පැහැදිලි කරලා දීලා ටිකක් වෙලා කතා කර කරා ඉදලා අපි ගෙවල් වලට පිටත් උනා...ගෙදර ගිය ගමන් මම හනාට කෝල් එකක් ගත්තේ හනාගේ ගෙදර තත්වෙ කොහොමද බලාගන්න...දෙතුන් සැරයක් රින්ග් වෙනකොට හනා ෆෝන් එක ආන්ස්වර් කලා..

" යොබොසොයෝ ජන්ගුකා "

" යොබොසොයෝ මැණික....ඔමොනිට දැන් කොහොමද...? "

එකපාරටම අයියා ගැනවත් එයාගේ අබොජි ගැනවත් අහන්න බැරි නිසා මම ඔමොනි ගැන ඇහුවේ හනාට සැක නොහිතෙන්න..

" අ....හ් ඔමොනිට දැන් හොඳයි..."

" ඕ.....හ් එහෙනම් කමක්නෑ....ඉතින් මොකද කරන්නෙ...? "

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now