04 කොටස

2.3K 481 11
                                    

ඒ ජිමින්..දේ..ඒ ජිමින්....අදාල නෑ කියලා කලින් යන්න හැදුවත් ඒ ඉන්නේ ජිමින් කියලා දැනුනම අහක බලාගෙන යන්න මට හිත දුන්නේ නෑ..මම ආයෙමත් හැරිලා ගිහින් බයික් එකට හේත්තු උනා..

" ආ...යිගෝ...ආ....යිගෝ....මොන ලැජ්ජාවක්ද මේ...එක කොල්ලෙක්ට හය දෙනෙක් එකතු වෙලා ගහනවා...ඒක හරි කැත වැඩේ නේද..?"

" උඹ කවුද..? උඹට මේක අදාල නෑනේ...උඹ මෙතනින් පලයන්...මේක අපි මූ එක්ක බේරගන්නම්..."

මම කියනකොට එතන ඉදපු එකෙක් ජිමින්ට පයින් පාරක් ගහන ගමන් කෑ ගැහුවා..තවත් ඉවසගෙන ඉදියොත් ජිමින්ට ප්‍රශ්නයක් වෙන නිසා මම වලිය මැද්දට පැන්නා...ජිමින් ඉදියේ ගුටි කකා නෙමෙයි...එයා පුලුවන් විදිහට උන් හය දෙනාටම ගහන්නයි හැදුවේ..ඒත් ජිමින් තනි වෙලා නිසා එයාට මුකුත් කරගන්න බැරි උනා..මමත් වලිය මැද්දට පැන්නට පස්සේ ජිමින්  ආයෙමත් නැගිටලා ඇවිත් අරුන්ට ගහන්න පට  ගත්තා...

අපි දෙන්නත් එක්ක හෙන ගේමක් දීලා උන් ටිකට ගහලා එලෙව්වා..උන්ගෙන් වැදුණ පාරකට ජිමින්ගේ තොලේ කොනක් තුවාල වෙලා ලේ ආවා..ජිමින් අතින් තොලේ තිබුන ලේ පිහදාන ගමන් බයික් වල නැඟලා පැනලා යන අරුන් ටික දිහා බලාගෙන ඉදියේ කේන්තියෙන්..

" JK..ඔයා ඇයි මේක මැද්දට ආවේ...?"

" ආවෙද..? ආවේ දැක්කේ නෑ වගේ ගියානම් මෙතන එකෙක් හොඳටම ගුටිකන නිසා "

" යා.....හ් මම මැරුණත් තමුන්ට මොකද..? මගේ ප්‍රශ්න වලට අතදාන්නෙ නැතුව ඉන්නවා..."

ජිමින් කියවන ඒවා ඇහුන්නෑ වගේ මම ක්ලබ් එක ඇතුලට ආවා..ජිමිනුත් මගේ පිටිපස්සෙන් ක්ලබ් එකට ආවා...ජිමින් බාර් එකේ කොනකට වෙලා විස්කි එකක් කටේ තියාගෙන එක හුස්මට බොන්න පටන් ගත්තා...මට තේරුණා ජිමින් ඉන්නේ වේදනාවෙන් කියලා..ඕනි දෙයක් උනාවෙ කියලා මම ජිමින් ලඟට ගියා..

" ජිමින්..මම දන්නවා..මට අදාල නෑ කියලා..ඒත් දැන් මම ඒකට අත දාලා ඉවරයි..ඒ නිසා මටත් දැනගන්න ඕනි ඒ කවුද කියලා..අද ඔයාට වෙන්න ගිය දේ හෙට මට වෙන්න පුලුවන් දැන්..අඩුම තරමේ පරිස්සම් වෙන්නවත් උන් ගැන දැනගන්න ඕනි..."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now