03 කොටස

2.4K 498 9
                                    

මම හිතුවා වගේම ඒ කතා කලේ ජිමින්.මම පිටිපස්ස හැරිලා බලනකොට ජිමින් එක ඇහිබැමක් උස්සගෙන රවාගෙන මගෙ දිහා බලාගෙන ඉදියා..

" වේ....? ඇහුනෙ නැද්ද..? මොකටද ඒ ෆයිල් එක හොයන්නේ...?"

" ඒක මොකටද ඔයාට...? මොන වදයක්ද..මම යන යන තැන පස්සෙන් එන්නේ...වෙන වැඩ නැද්ද...?"

" අහපු දේට උත්තර දෙනවා...මොකටද ඔය තරම් මිආ ගැන හොයන්නේ...? "

" මම පොඩි සමීක්ශනයක් කරනවා.ඒකට තොරතුරු හොයන්නේ..."

කියන්න එකක් නැති නිසා මම කටට ආපු එක ඔහේ කියල දැම්මා...

" සමීක්ශනයක් ? සිය දිවි නසාගැනීම්  ගැනද..?"

" දේ....මොකටද අහන්නේ..මට මගේ පාඩුවේ ඉන්න දීලා මෙතනින් යනවද...?"

" මේ...එකක් මතක තියාගන්නවා..මම ඔහේ ගැන හොද සෙවිල්ලෙන් ඉන්නේ..ඒක විතරක් මතක තියාගන්නවා...."

ජිමින් එහෙම කියලා මට රවලා පුස්තකාලෙන් එලියට ගියා.ජිමින් ගියාට පස්සෙ මම කල්පනා කලේ ජිමින්ට මිආ එක්ක තියෙන සම්බන්දේ මොකක්ද කියලා...මිආ ගැන හොයනවා කියල දැනුණ දවසෙ ඉදන් ජිමින් මා එක්ක වැඩිය රන්ඩුවට ආවෙත් නෑ...ඕනි දෙයක් උනාවේ කියලා මම ආයෙම ෆයිල් එක හොයන්න පටන් ගත්තා...ඒත් ඒක කොහෙන්වත් හොයාගන්න බැරි උනා...ස්ටාෆ් එකේ කෙනෙක්ගෙන් අහන්න හිතුවත් ඒක නිසා මගේ ඇත්ත එලිවෙයි කියක බයට මම ම හොයාගන්නවා කියලා හිතලා පුස්තකාලෙන් එලියට ආවේ පුලුවන් හැමවෙලේම ඇවිත් බලනවා කියල හිතාගෙනයි...

එහෙම්මම පාර්ක් එකට ඇවිත් බයික් එක පාරට දැම්මේ යුනික් බිල්ඩින් එකට යන්න හිතාගෙන.විනාඩි කීපයකට පස්සේ මම යුනික් බිල්ඩින් එකට ඇවිත් බාර් එකෙන් බියර් දෙකකුත් අරගෙන ටෙරස් එකට එන්න ලිෆ්ට් එක ළඟ ඉන්නකොට මට දැනුණා කවුරු හරි කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා..ටිකක් වටපිට බලලා එකපාරටම දකුණු පැත්ත බලනකොට මට ටිකක් ඈතින් තිබ්බ කණුවක් එහා පැත්තේ ඉදලා කොල්ලෙක් එලියට දුවනවා දැක්කා..පෙනුමෙ හැටියට මට හිතුනෙම ඒ ජිමින් කියලා..මම පස්සෙන් දුවල ගියත් මම එලියට එනකොටත් මිනිහා අතුරුදහන් වෙලා තිබුනා...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now