07 කොටස

1.9K 449 12
                                    

" ඒ දරුවා ගැනද...? කියන්න මගෙන් මොකක්ද වෙන්න ඕනි...?"

" මැ...මැඩම් එයාව දන්නවද..?"

ශින් හා අයෙමත් දිග හුස්මක් පිට කරලා වේදනාවෙන් වගේ මගේ දිහා බැලුවා..

" දේ...මිආ...හරි ගුණ යහපත් දරුවෙක්....දවසක් මට තනියම කැෆේ එක බලාගන්න උනා..සේවකයෝ දෙන්නම හදිසි නිවාඩු අරගත්තා එදා...මම නොහිතපු විදිහට කස්ටමර්ස්ලා වැඩි උනා.ඒ අතරේ ආව කෙනෙක් තමා මිආ කියන්නේ..මම එක දිගටම වැඩ කරලා මගේ කකුලේ අමාරුව වැඩි උනා..මට වැඩ කරගන්න බැරි උනා..මම ආපු කස්ටමර්ස්ලාව විස්තරේ කියලා යවන්න හැදුවම මිආ මගේ ලඟට ඇවිත් කිව්වා එයා කස්ටමර්ස්ලා බලන්නම් කියලා..හරිම කරුණාවෙන්ත දරුවෙක්..ඒත් මම අදටත් දන්නෑ එච්චර ආදරණීය කෙනෙක් ඇයි මෙහෙම දෙයක් කරගත්තෙ කියලා.."

දේ ඒ මගේ මිආ...එයා ඕනිම කෙනෙක්ට උදව් කරනවා...ඔයා එදා වගේමයි මැණික.ඔයා හැමදාම මගේ මිආ..හිත ඉබේම මිආ ළඟ අතරමං උනේ මටත් නොදැනිමයි.මම පියවි සිහියට ආවේ ජිමින් මගේ අතට ඇන්නහම.

" අ...අහ්.. දේ....මැඩම් අපිට කැෆේ එකේ CCTV ෆොටේජ් එක බලන්න පුලුවන්ද..? මිආ නැති වුන දවසේ එයා බිල්ඩින් එකට ගිය ටැක්සි එකට නැගල තියෙන්නේ මැඩම්ගේ කැෆේ එක ඉස්සරහින්."

"ඔ...ඕහ්....චින්චා...? ඒ..ඒත් මේ ළමයි මිආ ගේ කවුද. ?"

" අ...අපි..අපි මිආගේ යාළුවෝ..."

මම එහෙම කියාලා කැම්පස් ID එක ශින් හාට පෙන්නුවා...මම එහෙම කියනකොට ජිමින් පුදුම වෙලා වගේ මගේ දිහා බලගෙන ඉදියා..ජිමින්ට ඇහැක් ගහල මම ඉඟි කලේ මම කියන විදිහට කරන්න කියලා..මම කියපු දේ තේරුම් ගත්ත ජිමින් එයාගේ යුනිවර්සිටි ID එකත් ශින් හා ට පෙන්නුවා..අපේ ID දෙක බලපු ශින් හා ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා එයාගේ පස්සෙන් අපිට එන්න කිව්වා..

" එන්න දරුවනේ...මගේ එක්ක එන්න.."

මමයි ජිමිනුයි ශින් හා එක්කම එයාගේ පිටිපස්සෙන් ගියා..එයා අපිව එක්කගෙන ගියේ සාලෙ කෙලවර තිබුන පොඩි රූම් එකකට..ඒකෙ ඇතුලේ ලැප් එකක් එක්ක මොනිටර් එකක් තිබුනා..CCTV ෆොටේජ් ඔක්කොම රෙකෝඩ් වෙන්න වෙනම සිස්ටම් එකක් තිබුනා..

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now