22 කොටස

1.6K 379 25
                                    

" මැණික....අඬන්න එපා ඉතින් මම ඉක්මනටම එනවා..."

" JK මොනවද මනුස්සයෝ වෙලා තියෙන්නේ...."

" මට මොනවා වෙන්නද බබා...ඔයා දන්නවනේ ඔයා ලඟ ඉන්නකම් මට මුකුත් වෙන්නෑ කියලා."

" බ...බබා...? දැන්නම් මට ඔහේ ළඟින් යන්නත් බය හිතෙනවා..."

ජිමින් කියන දේවල් වලට මම හිනාව තද කරගෙන ඉදියේ බොහොම අමාරුවෙන්..ජිමින් එක්ක කතා කරන ගමන් මම හනා දිහා පරිස්සමට බලාගෙන ඉදියේ මම කියන වචනයක් ගානේම එයාගේ මූණ වෙනස් වුන නිසා...හනාගේ හිතේ ඉන්නේ මමද කියලා හරියටම තේරුම් ගන්න ඒක මට ලොකු පහසුවක් වෙන නිසා මම කෝල් එක තව ටිකක් දුර ඇදගෙන ගියා..

" අනේ මැණික...මම ඉක්මනටම එන්නම්..."

" මැ...මැණික...JK මට ඇත්ත කියනවා හීනෙන් එහෙම නෙමෙයි නේද කියවන්නේ..."

" ආ...නී....මම එන්න හදන්නේ මැණික.."

මම එහෙම කියනවත් එක්කම මෙච්චර වෙලා අපහසුවෙන් වට පිට බල බලා මගේ ඉස්සරහට වෙලා ඉදපු හනා මගේ දිහා බැලුවේ ඇස් වල කඳුළු පුරවගෙන..

" J....JK...මම ඇතුලට යන්නම්..ඔමොනි මාව හොයනවා ඇති...ඔයාගේ ගර්ල්ට කියන්න මට සමාවෙන්න කියලා..මම නිසා කරදර උනාට...මියන්හේ "

හනා එකපාරටම එහෙම කියලා අඬ අඬාම හොස්පිට්ල් එක ඇතුලට දිව්වා..මම හිතුවා වගේම හනාගේ හිතේ ඉන්නේ මම.හනා අන්තිමට කියපු වචන ටිකේ තිබුන වෙදනාවෙන්ම මට ඒක හොඳට තේරුනා...

" JK....ඒ හනාද...? "

මෙච්චර වෙලා මම කලේ රඟපෑමක් කියලා තේරුන ජිමින් හනාගේ කටහඬ ඇහිලා පුදුමෙන් වගේ ඇහුවම මට හිනා ගියා..

" ජිමින් මැණික..."

" ආ.....යිශ් කට වහගන්නවා...කොයි වෙලාවක හරි මට ඔහේ එක්ක ඉදලා පිස්සු හැදෙනවා..."

" එහෙනම් මම තිබ්බා...ඕකේහ්...?"

" අරස්සෝ අරස්සෝ පරිස්සමින් එනවා."

ෆෝන් එක තියලා මම ආයෙමත් බැලුවේ යන්න කලින් හනාව දකින්න පුලුවන් වෙයිද කියලා.ඒත් හනා ඒ වෙනකොටත් ඇතුලට ගිහින් තිබුනා..හොස්පිට්ල් එක ළඟින් ටැක්සි එකක් අරන් කැම්පස් එකට ඇවිත් කෙලින්ම ගියේ ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එක...මම යනකොට ජිමින් නීරා දෙන්නත් එක්ක ලොකු කතාවක.

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now