23 කොටස

1.7K 375 27
                                    

" JK හෙමින් යමු...මට බය හිතෙනවා..."

" වේ...? කොහොම ගියත් ඔයාට බය වෙන්න වෙනවනේ..මම ඔයාව එක්කගෙන යන්නෙත් භයානක තැනකට තමයි..."

" මො.....මොකක්ද....? JK කියන්න අපි කොහෙද යන්නේ...? "

" ඇයි මම කලින් කිව්වේ...ඔයාව මරන්නයි එක්කගෙන යන්නේ කියලා..."

" JK විහිළු නෙමෙයි...ඇත්ත කියන්න..."

එහෙනම් ඔයාට මම කියන දේවල් ඇත්තද බොරුද කියලත් තේරෙනවා නේද...? ඒ තරමටම  මාව තේරුම් අරගෙනද ඉන්නේ...? මම එහෙම හිතන ගමන් හිත යටින් සතුටු උනා..

" ඇත්ත තමා කියන්නේ..."

කොච්චර ඇහුවත් මම කියන්නේ නෑ කියලා තේරුන නිසා එතනින් පස්සේ හනා මගෙන් කිසිම දෙයක් ඇහුවේ නෑ....විනාඩි කීපෙකට පස්සෙ අපි වෝටර් ලෑන්ඩ් පාක් එකට ආවා..මම බයික් එක පාර්ක් එකට හැරෙව්වම හනා පුදුමෙන් වගේ කතා කලා...

" ඔ....ඔයා....මෙතනටද ආවේ...? "

" දේ...."

" වා......හ්....මෙතන ගොඩක් වෙනස් වෙලා.."

හනා මාව අල්ලගෙනම පාර්ක් එක දිහා බලාගෙන කිව්වේ පුදුමෙන් වගේ..

" ඔච්චරටම ආසද මාව බදාගෙන ඉන්න "

පුදුම වෙලා වගේ පාර්ක් එක දිහා බලන් ඉන්න ගමන් බයික් එකට වෙලාම ඉදපු හනා මම එහෙම ඇහුවම පුලුවන් ඉක්මනින් මාව අතෑරලා බයික් එකෙන් බැස්සා...

" අ....අනී...කවුද ඔයාව බදාගෙන ඉදියේ..."

හනා බොරු කේන්තියක් මවාගෙන හෙල්මට් එක ගලවන්න හැදුවත් හෙල්මට් එකේ ක්ලිප් එක ඕනිවට වඩා තද වෙලා තිබුන නිසා හනාට ඒක තනියම ගලවගන්න බැරි උනා..ටික වෙලාවක් ඔන්න ඔහේ ඒක දාගෙන ඉදපුවාවේ කියලා හිතලා මාත් ගනන් ගන්නේ නැතුව බයික් එකට හේත්තු වෙලා ඉදියා..

ටික වෙලාවක් හෙල්මට් එකේ ක්ලිප් එක ගලවන්න දඟලලා දඟලලා බැරිම තැන හනා හෙල්මට් එක දාගෙනම මගේ මූණට එබුනා..

" ඔ...ඔයාට මේක ගලවන්න පුලුවන්ද...? "

" ඇයි දැන් මහ ලොකුවට සද්දයක් දැම්මේ..."

" කවුද සද්ද දැම්මේ....එක්කෝ ඕනි නැ මෙහෙමම යන්.ඒකත් හොඳයි...නැත්නම් ඔයාගේ අර මහලොකු ගර්ල්ෆ්‍රෙන්ඩ් මාව දැක්කොත් එහෙම "

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now