24 කොටස

1.7K 376 36
                                    

හෙමිහිට ලං වෙලා බෝඩ් ටික එහා පැත්තට ඔලුව දැම්මහම මම දැකපු දෙයින් මාව පුදුම උනා..

" ජි....ජිමින්..."

මාව දැකලා ජිමින් අත් දෙකෙන් මූන පිහද පිහද ඉඳගෙන ඉදපු තැනින් නැගිට්ටා..

" ය්...ය්...යා...හ් මම හිතුවා මෙතන තමා ඇත්තේ කියලා....මම දන්නවනේ කොහේ ගියත් මෙතනට එනවා කියලා..."

ජිමින් මට මූණ දෙන්නෙ නැතුව මාව හොයාගෙන ආවා වගේ බොරුවට කියවගෙන ගියා..

"ජිමින්...."

බිම බලාගෙන නොනවත්වාම කියවන ජිමින් මම කතා කලත් ඔලුව උස්සලා බැලුවෙ නෑ..ජිමින් ඉඳගෙන ඉදපු තැන තිබුණු හිස් බියර් බෝතල් තුන දැක්කම මට හැමදේම තේරුණා..

" ජිමින්...හැමදාම මේකද උනේ...? "

මම ජිමින්ගේ උරිස්සට අතක් තියලා අහනකොට ජිමින් එකපාරටම එයාගේ මූන එක අතකින් වහගෙන බිත්තියට හේත්තු වෙලා බිත්තිය දිගේ රූටලා බිම ඉදගත්තා...

" මියන්හේ ජිමින්....මියන්හේ....මම ආත්මාර්තකාමි උනා...මම හැමදාම හිතුවේ මගේ වේදනාව ගැන.ඒත් මට ඔයාගේ වේදනාව තේරුම් ගන්න බැරි උනා..."

" අ...අනී...අනී....ඒක JK ගෙ වරදක් නෙමෙයි...ඒක මගේ වරදක්...අනිත් අය ළඟ මම කොච්චර හිනා වෙලා ඉදියත් මම තනි උනහම නිතරම මිආ ව මතක් උනා..මට ඒක දරාගන්න බැරිම වෙලාවට මම මෙතනට ඇවිත් මගේ දුක මිආට කිව්වා..."

" ජිමින් මියන්හේ...මම ඔයා ගැන බැලුවේ නෑ..ආ....යිශ්...මම කොහොමද මෙහෙම කලේ..."

මට ආපු කේන්තියට මම අතේ තිබුන බියර් කෑන් එක අතින් පොඩි කරලා තලලා දැම්මා..

" යා.....හ් මම කිවුවනේ මේක ඔයාගේ වරදක් නෙමෙයි කියලා...මේක මගේ දුර්වලකමක්..."

ජිමින් එකපාරටම නැගිටලා මට කෑ ගහන්න පටන් ගත්තා...එවලේ තමයි ජිමින් හරියටම මගේ ඇස් දෙක දිහා බැලුවේ...ජිමින්ගේ ඇස් දෙක අඬලම රතු වෙලා තිබුනා...හැමදාම මම අඬනකොට මාව සනසවපු එකා අද තනියම අඬලා....අද විතරක් නෙමෙයි එයා හැමදාම මාව සනසවලා එය වේදනාවෙන් ඉදලා...තවත් හිත හිතා ඉන්නැතුව මම ජිමින්ව බදාගත්තා..

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now