09 කොටස

1.8K 412 15
                                    

" වේ..?...නීරට මොකද..?"

" ජිමින් ලූකන් නීරාට හොඳටම ගහනවා.."

" ලූ...ලූකන්...ඌ ආයෙමත් කැම්පස් එකට ඇවිල්ලද...?"

ජිමින් කේන්තියෙන් කෑ ගහගෙන පාර්ක් එක පැත්තට දිව්වා.මාත් ජිමින් පස්සෙන්ම පාර්ක් එකට දුවගෙන ආවා..අපි එතනට යනකොටත් නීරා ඉදියේ බිම වැටිලා..නීරගේ තොලෙන් හොඳටම ලේ එනවා.අපි එතනට යනවත් එක්කම එතන ඉදපු අවුරුදු 25ක් විතර වයස , උස මහත කොල්ලෙක් නීරාගේ බඩට පයින් ගැහුවා..ඒ එක්කම ජිමින් ඒ කොල්ලගේ ඇඟට පැනලා ඌට ගහන්න පටන් ගත්තා...

" ලූකන්...මම තමුසෙට කිව්වා ආයෙම මේ පැත්තෙ එන්නවත් නීරා දිහා බලන්නවත් එපා කියලා....තමුසෙට මම කියන දේ තෙරෙන්නෑ නේද..?"

ජිමින් එහෙම කියාගෙන ලූකන්ට හොඳටම ගහන්න පටන් ගත්තා..

"වේ...තමුසේ ආයෙම මෙහෙට ආවේ ඇයි..? උඹට ලැජ්ජාව කියල දෙයක් නැද්ද..? "

" ජිමින් උඹ මේකට අතදාන්නේ මොන අයිතියකින්ද...? මේක මගෙයි මේකිගෙයි ප්‍රශ්නයක්..උඹ පාඩුවේ ඉඳපන්.."

" මේක තමුසෙගෙයි නීරගෙයි ප්‍රශ්නයක් උනාට දැන් ඒක මගෙත් ප්‍රශ්නයක්..මම එකසැරයක් කිව්වා..අමතකද ලේ පෙරනකම් ගුටිකාලා ගියා..ආයෙමත් කොහොමද තමුන් ඇඳුමක් ඇඳගෙන මේක ඇතුලට ආවේ..? "

ජිමින් අහනවත් එක්කම ලූකන් අත මිට මොලවලා ජිමින්ට පාරක් ගැහුවා..ඒ එක්කම ලූකන් එක්ක ආව කොල්ලෝ තුන් දෙනෙක් ජිමින්ගේ ඇඟට පැන්නා..තවත් බලන් ඉදියොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා මම නීරව බිම වාඩි කරවලා වලිය මැද්දට පැන්නේ අතට අහු වුන හෙල්මට් එකත් අරගෙන..ජිමින් ලූකන් එක්ක ගහගන්නකොට මම අනිත් තුන් දෙනාට ගැහුවා..හෙල්මට් පාරවල් කාපු උන්ගේ තොල් පැලිලා ලේ එනකොට ලූකන්ව දාලා උන් පැනලා ගියා..

ලූකන් ගහපු පාරකට බිම වැටිලා ඉදපු ජිමින්ගේ ඔලුවට පොල්ලක් අරගෙන ගහන්න හදපු ලූකන්ගේ අත මම අඹරලා අරන් පිටිපස්සට තියලා  ලූකන්ට අත හොල්ලගන්න බැරි වෙන්න තද අරගත්තා.ප්‍රශ්නේ ගොඩින් විසදගන්න හැදුවත් වැටිලා ඉදපු ජිමින්ගේ ඔලුවට පොල්ලකින් ගහන්න හදපු එකට මගේ කේන්තිය වැඩි උනා...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now