02 කොටස

2.8K 508 30
                                    

" ඕ කැම්පස් එකට අලුත් තරුවක් පායලා වගේ...කෝ බලමු..."

ඒ කොල්ලා මගේ අත උස්සලා මගේ ෆිට්නස් බැලුවා..ශර්ට් එකට උඩින් මගේ Abs චෙක් කලා.

" ඌඌඌ.... ලේසි නෑ වගේ...අලුතෙන් නේද ආවේ ?"

" දේ "

මමත් එයාගේ ටෝන් එකෙන්ම උත්තර දුන්නහම කොල්ලා ටිකක් ගැස්සිලා ගියා..

" ඕඕඕඔ....හ් ටිකක් අමාරුකාරයෙක් වගේ..."

" එහෙම හිතුවත් වරදක් නෑ..."

මම කියනකොට කොල්ලා මා දිහා රවලා බැලුවා.

" මේකට ආවට කමක්නෑ...ඕනිවට වඩා කලර්ස් පෙන්නන්න ලෑස්ති වෙන්න එපා...ආවානම් පාඩුවේ පැත්තකට වෙලා ඉදලා ගෙදර යනවා..."

" බලමු.."

එහෙම කියලා මම ඒ කොල්ලව ගනන් ගන්නේ නැතුව හෝල් එකේ පිටිම පස්සට ගිහින් ඉඳගත්තා..මම ඉඳගන්නවත් එක්කම ඒ කොල්ලා කොන්ඩේ අතින් හද හදා මගේ ලඟට ඇවිත් මගේ මේසෙ උඩ ඉඳගත්තා...

" නම කියනවා නම.."

" JK "

" ඕ.....හ් JK...මේ හැමෝම අහගන්න.. මෙයා JK ලු..."

ඒ කොල්ලා හිනා වෙවී කියන ගමන් ආයෙමත් මගේ දිහා රවලා බැලුවා..

" මේ හලෝ..මම ඔහේගෙන් ඇහුවේ කාඩ් එක නෙමෙයි නම නම..."

" ඒක තමයි JK කිව්වේ..."

මම ගනන් නොගෙන කියනකොට කොල්ලගේ තරහා හොඳටම වැඩි උනා..

" තමුන්ගේ කට වැඩියි...ගන්නවා යුනිවර්සිටි ID එක."

එහෙම කියලා ඒ කොල්ලා මගේ බෑග් එක අවුස්සන පටන් ගත්තා..

" මම සැරයක් කිව්වනේ මම JK කියලා..වද නොදී මෙතනින් යනවා.."

ආපු කේන්තියට මම කොල්ලව තල්ලු කරල දැම්මා..එතකොටම කොල්ලො හය හත් දෙනෙක් ඒ කොල්ලා ලඟට දුවගෙන ආවා..

" ජිමින් ඇති....ඇති...මේ ගැන පස්සේ බලාගම්මු.දන්නවනේ ලෙක්චර් හෝල් ඇතුලේ කේස් දාගන්න බෑ කියල.."

අපි ලඟට ආව කොල්ලෝ මට වාතයක් උන කොල්ලට කතා කලේ ජිමින් කියලා.

" අරස්සෝ... ඔයා එහෙමද..? එලියෙදි බලාගමු.."

මම ජිමින් දිහා බලලා කට කොනින් හිනා උනේ ජිමින්ව ගනන් ගන්නෙ නැතුව...පැය දෙකක්ම තිබ්බ ස්කෙචින් ලෙක්චර් එක මට බෝරිං උනේ නෑ..මොකද මම ඩ්‍රෝවින්ස් වලට ගොඩක් ආස කෙනෙක් නිසා ඒ පැය දෙක ගෙවෙනවා මට දැනුනෙවත් නෑ..

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now