29 කොටස

1.8K 370 19
                                    

" එ....එතකොට ඔයා මට අදරේ කලේ නැද්ද ජන්ගුකා..."

මෙච්චර දේවල් කියලත් ඇස්වල කඳුළු පුරවගෙන මගේ දිහා බලාගෙන අහන හනාව දැක්කම මට දැනුනේ මගෙ පපුව කෑලි කෑලි වලට පැලිලා යනවා වගේ...හනාට මම ආදරේ කරන තරම එයාව බදාගෙන කෑ ගහලා කියන්න ඕනි උනත් මේ වෙලේ හූ සුක් ගැන අවධානෙන් ඉන්න ඕනි නිසා මම මගේ හැඟීම් හිත අස්සෙම හිර කරගත්‍තා..

" මට කියන්න ජන්ගුක්....ඔයා මට ආදරේ කලේ නැද්ද....? එතකොට මේ හැමදේම බොරුද..? එදා උන හැමදේමත් බොරුද...? අ...අනී...අනී...ඒක වෙන්න බෑ...ඔයාගේ ඇස් වල මම දැක්කා..ඔයා මට ආදරෙයි කියලා මම දන්නවා..."

මෙච්චර කල් හිනාව විතරක් පිරිලා තිබුන හනාගේ මූන පුරාම කඳුළු පාරවල් ඇඳෙන හැටි දැක්කම මට මා ගැනම පිළිකුලක් දැනුණා..ඒත් හනා මගෙන් ඈත් වෙලා ඉන්න තරමට හනාට ඒකෙන් හොඳක් වෙයි කියලා මට හිතුනේ ඉස්සරහට මගේ මගේ ජීවිතේත් ලොකු අනතුරක දාගෙන මට වැඩ කරන්න වෙනවා කියලා දන්න නිසා..

" හනා මම කියන දේ හොදට අහගන්න..ඔයාගේ අයියා මගේ මුලු ජීවිතේම අපායක් කලා...මට දවසක් හරි ආදරේ කළානම් ඔයා තීරනේ කරන්න හරි පැත්ත ගන්නවද වැරදි පැත්තේ ඉන්නවද කියලා...අමතක කරන්න එපා ඒ ඔයාගේ අයියා උනත් එයා මිනී මරුවෙක්.."

එහෙම කියලා මම හනාගේ ප්‍රශ්නේ මගෑරලා එලියට ආවා..හනා පුලුවන් තරම් හයියෙන් අඬ අඬා කෑ ගහලා මට කතා කලත් මම හනා දිහා ආයෙම හැරිලවත් බැලුවේ නැත්තේ මගේ හිත වෙනස් වෙයි කියල බයටමයි...එලියට එමින් ගමන් ටේයුන්ට කෝල් එකක් දීලා හැමෝවම කී හවුස් එකට එකතු කරන්න කියලා මමත් එතනට ගියා..මම යනකොටත් හැමෝම කී හවුස් එකට ඇවිත් ඉදියා..

" හොබී ඉක්මනට මිස්ටර් ජින්ව කන්ටැක් කරන්න "

මම කියනකොට හොබී මිස්ටර් ජින්ට ස්කයිප් කෝල් එකක් අරගත්තා...

" දේ ජන්ගුක්...."

" මිස්ටර් ජින්..හැමදේම අවුල් උනා...ඒජන්ට් හින් ව අහු වෙලා...එයාව මරලා...ආ...යිශ්...මගේ ප්ලෑන් එකේ ගැස්සුනේ කොතනද කියලා මම තාම දන්නෑ...මිස්ටර් ජින් මම ෆේල් උනා.."

" මො...මොකක්ද...? ඒජන්ට් හින්ව මරලා..? "

" දේ...හූ සුක්ට මගෙ ඉස්සරහමයි ඒ කෝල් එක ආවේ... "

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now