06 කොටස

2.1K 447 5
                                    

නීරාවත් දාගෙන ජිමින්ගේ කාර් එකෙන් අපි නීරාගේ ගෙදරට ආවා..නීරා ඉඳියේ එයාගේ අජුම්මත් එක්ක ගෙදර තනියම.නීරා මේ විදිහට හැසිරෙන්නේ ලොකු වේදනාවක් හිතේ හිරකරගෙන කියලා තේරුණේ එයාගේ ගෙදරට ගියාට පස්සේ..නීරාගේ ඔම්මා එයා පොඩි කාලෙම දාලා ගිහින්.නීරාගේ අබොජි ඉදියේ UK වල.කොච්චර සල්ලි තිබ්බත් නීරා ඉදියෙත් වේදනාවෙන්..

නීරාව ගෙදරින් දාලා ජිමිනුයි මමයි ආයෙම ක්ලබ් එකට එන්න පිටත් උනේ මගේ බයික් එක ක්ලබ් එක ළඟ දාලා ආව නිසා...ක්ලබ් එක ලඟට එනකම් අපි කතා කලේ නීරා ගැන.

" ජිමින්...මට දැන් හොඳටම විස්වාසයි නීරා මිආ ගැන මොනවම හරි දන්නවා කියලා"

" දේ...ඒකනම් මටත් දැන් ශුවර්....ඒත් නීරාගෙන් අද අපිට මුකුත්ම අහගන්න බැරි උනානේ.."

" හෙට එයාගෙන් මේ ගැන කොහොම හරි අහගන්න ඕනි ජිමින්.."

" ඒත් JK එයා එහෙම ලේසියෙන් අපිට ඒ ගැන කියයිද...?"

" ඒක මම කරන්නම්..මම දන්නවා එයාගෙන් කොහොමද ඒවා එලියට ගන්න ඕනි කියලා."

" ඕඕඕඕඔ......JK ප්ලෑනක් තියෙද..?"

ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ දිහා බලලා ඇහුවා...

" ජිමින්...ඔයාට අමතක උනාද මම කවුද කියලා.."

" ඔයානම් ලේසි නෑ Mr.JK ....ඕඕඕ..."

ජිමින් ආයෙමත් මට Mr.JK කියලා කතා කලම මාව ගැස්සිලා ගියා..

" ජිමින්  ඔයා කොහොමද ඔය නම දන්නේ...? එක දවසකුත් ඔයා මට Mr.JK කියල කතා කලා..."

" අ...අනී...මම එහෙම දැනගෙන කිව්ව නෙමෙයි.මම නිකම් JK කියන එකට මිස්ටර් දාල කතා කලා විතරයි..."

" ඒත්....ඇයි මිආ ඔයාට Mr.JK කීවේ...?"

ජිමින්  මගෙන් අහනකොට මම පොඩි වෙලාවකට මිආගේ අතීත මතක අස්සේ හිරවුණා..මම ගැස්සිලා පියවි සිහියට ආවේ ජිමින්ගේ කටහඬට..

" JK..JK...ඔයා හොඳින්ද.. ?"

" දේ...දේ.....ආහ්...මෙහෙමයි...මගේ ඇත්තම නම ජන්ගුක්...ජන්ගුක් කියන්නේ මගේ එක පැත්තක්...ජන්ගුක් JK ට වඩා ගොඩක් වෙනස්...Mr.JK කියන්නේ වෙනස්ම කෙනෙක්.මට කේන්ති ගියහම මිආ මට කතා කරන්නේ Mr.JK කියල...ඒත් Mr.JK ට කොච්චර කේන්ති ගියත් එයා මිආ ළඟදී නිමෙනවා.ඒ හිනාවට ඒ කතාවට JK නිමෙනවා...ඒත් දැන් මම JK විතරයි..දැන් ජන්ගුක් මගේ ළඟ නෑ..මිආ නැති උන දවසේ මිආ එක්කම ජන්ගුක් මැරුණා..දන්නවද ජිමින්.. වේදනාවට පුලුවන් ආදරණීය හිතක් අමු අමුවේ මරලා දාන්න.හරියට  Mr.JK ජන්ගුක්ව මරලා දැම්මා වගේ.."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now