01 කොටස

5.8K 589 24
                                    

       US වල ඉදන් ආයෙමත් කොරියාවට ආවේ මිආ ගේ මරණේ ගැන ලොකු සැකයක් හිතේ තියාගෙන...මීට අවුරුද්දකට කලින් මම US වලට යනකොට මාව බදාගෙන අඬපු මිආ අද මට ලං වෙන්න බැරි තරම් දුරකට ගිහින්.එයාපෝට් එකට පය තිබ්බ වෙලේ ඉදන් මට මැවි මැවී පෙනුනේ එදා මාව ඇරලවන්න ඇවිත් මිආ මාව බදාගෙන අඬපු විදිහ...

එයාපෝට් එකෙන් එලියට එනකොටම පීටර් මගේ වාහනේ අරගෙන ඇවිත් තිබුනා...

" අන්‍යාන්හසේයෝ පොඩි මහත්තයා."

" කොහොමද පීටර්...මම වාහනේ ගන්නම් බෑග් දෙක ඩිකියට දාලා පීටර් නගින්න.."

මාව දැක්ක ගමන් කට පුරා හිනා වෙලා කතා කරපු පීටර් එක්ක සතුටින් කතා කරන්න තරම් හිතේ සැනසීමක් මට තිබුණෙ නෑ....මම ඒ වචන ටික කිවා සැර වැඩි නිසාමද මන්දා පීටර් පුලුවන් තරම් ඉක්මනට මගේ බෑග් දෙක වාහනේ ඩිකියට දාලා පිටිපස්සෙන් නැග්ගා..ගෙදරට යනකම් පීටර් මා එක්ක වචනයක්වත් කතා කලේ නෑ.මාත් කන පැලෙන්න සින්දු දාගෙන ගෙදරට යනකම් කිසිම කතාවක් නැතුව ආවා..

ගේ ලඟට යනවත් එක්කම ගෙදර ගේට් එක ඇරුණා....ඊයක වේගෙන් වාහනේ ඇතුලට දැම්මේ මේ ගෙදර මම වැඩියෙන්ම ආස තැන පොකුණ ළඟ බංකුව පෙනෙයි කියලා බයටමයි...ඉස්සරනම් මම ආසම තැන එතන උනත් දැන් මට එතන පේන්නේ අමු සොහොනක් වගේ...ගේ ඇතුලට යනකොටම අබොජි රෝදපුටුව අතින් තල්ලු කරගෙන මගෙ ඉස්සරහට ආවා..අබොජිට ඇවිදින්න පුලුවන් උනත් වාරුවක් නැතුව අබොජිට තනියම ඇවිදින්න අමාරුයි.ඒ නිසා එයා නිතරම ඉදියෙ රෝද පුටුවෙ.මිආ නැති උන දවසේ ඉදන් මම කලේ අබොජිට වෛර කරපු එක.ඒත් එයා ඉන්න තත්වේ දැක්කම මට එයාගෙන් තරහා පිට කරන්න හිත දුන්නෙ නෑ....

" මගේ පුතා ඔයා ආවද..? "

" දේ අබොජි...අබොජිට කොහොමද..?"

" මට ඔයා නැතුව ගොඩක් පාලු දැනුණා පුතා...මම තනි උනා.මට කිසිම දෙයක් කරගන්න බැරි උනා."

" මියන්හේ අබොජි..අබොජි දන්නවනේ මම හොදටම හිර වෙලා ඉඳියෙ.අඩුම තරමින් මට මිආ ව බලන්නවත් එන්න බැරි උනා අබොජි...."

මම සෑහෙන වෙලාවක් අබොජිගේ උකුලෙන් ඔලුව තියාගෙන ඇඬුවා...

" දැන් ඇති මගෙ පුතා.... දැන් ඇති....යමු මොනවා හරි කාල ඉමු "

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now