" වේ....? ඔමොනිට මොකද ?."
" J.....JK..ඔමොනි...ඔමොනි ඇක්සිඩන්ට් වෙලා "
ඇස් වලින් නතර වෙන්නෙ නැතුව කඳුළු වැටෙනකොට මා දිහා බලාගෙන අමාරුවෙන් වචන ගලපලා කියපු දේ නිසා මට දැනුනේ මගේ පපුවත් හිර වුනා වගේ..අබොජි නැතුව ගෙවෙන හැම තත්පරයකම දැනෙන වේදනාව හනාටත් දැනෙයිදෝ කියන බය නිසාම මට දැනුනේ ලොකු වේදනාවක්..
" ඔමොනි ඉන්නේ කොයි හොස්පිට්ල් එකේද..? ..කලබල වෙන්න එපා ගෙදර කවුරුම හරි දැන් ගිහින් ඇති ඔමොනි ලඟට "
" ගෙ...ගෙදර කවුරුත් නෑ....අබොජිත් බිස්නස් ටුවර් එකක් ගිහින්..කිසිම කෙනෙක් ගෙදර නෑ..."
ඉකි ගගහා අඬන හනාගේ ඇස් දෙක දැක්කම මට මතක් උනේ මගේ මිආ ව...ඒත් ඒ වෙලාවේ මට වෙනදා වගේ හනා එක්ක තරහක් ආවේ නෑ...තමන්ගේ කෙනෙක් නැති වුනහම දැනෙන වේදනාව දන්න නිසාම මම හිතින් ප්‍රාර්ථනා කලේ හනාට ඒ දුක දැනෙන්න එපා කියලා..
" අරස්සෝ අරස්සෝ....එන්න අපි යමු..."
මම එහෙම කියලා හනාගේ ඔලුවටයි මගෙ ඔලුවටයි උඩින් ජැකට් එක අල්ලගෙන කැම්පස් එකෙන් එලියට ඇවිත් ටැක්සි එකකට නැග්ගා...කැම්පස් එක ළඟ ඉදන් හොස්පිට්ල් එකට තිබුනේ විනාඩි 10 ක විතර දුරක්.ටැක්සි එකට නැග්ගට පස්සේ මම බැලුවේ හනා දිහා..
මූනම සුදු මැලි වෙලා ඇස් වල කඳුළු පුරවගෙන ඉන්න හනාගේ අත් සීතලටද බයටද මන්ද වෙවුලන්න පටන් ගත්තා.එක අතකින් අනිත් අතේ නියපොතු කඩ කඩා බයෙන් ගැහෙන හනා දැක්කම මට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්..තවත් බලාගෙන ඉන්නෙ නැතුව මම හනාගේ අත අල්ලගත්තා.
" බය වෙන්න එපා...ඒත් ඔහොම ගැහෙනකොට මට බලන් ඉන්න බෑ..මෙහෙමම ඉන්න."
මම එහෙම කියලා හනාගේ එක අතක් මගේ අත් දෙක අතරින් තියාගෙන තදින් අල්ලගත්තා..හනා කිසිම දෙයක් නොකියා වාහනේ වීදුරුවෙන් එලිය බලාගෙන ඉදියා.
විනාඩි දහයකට විතර පස්සේ අපි හොස්පිට්ල් එක ලඟට ආවා...වාහනෙන් බැස්සා විතරයි හනා සිහියක් නැතුව අඬ අඬා හොස්පිට්ල් එක ඇතුලට දිව්වා.." දැ...දැන් ඇක්සිඩන්ට් වෙලා ගෙනාව ලේඩි ඉන්නේ කොහෙද..? ඒ... ඒ මගේ ඔමොනි.."
YOU ARE READING
🍂 Mr.JK 🍃 || JJK ||( Completed )
Fanfiction"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"