26 කොටස

1.8K 382 8
                                    

" මේකයි....අර කලා කියපු ඔක්කොම කලේ නම්බර් එකවත් ගන්නේ නැතුවද...? "

මදැයි ප්‍රශ්නේ මගාරින්න කියලා හිතාන සීරියස් උනා...

" යා.......හ් ඕකද අහන්න තියෙනව කිව්වේ...? "

" දේ....අවංකවම ඒක මට ලොකු ප්‍රශ්නයක්..."

" යා.....හ් ජිමිනා ෆෝන් එක තියනවා...මට වැඩ තියෙනවා..."

" JK....මට කියලා තියනවා...."

ජිමිනා ඇත්තට හරි බොරුවට හරි මාව මඩවන්න හදන නිසා මම ඒක ජිමින්ගේයි නිරාගෙයි පිටින්ම දැම්මේ එතකොට ජිමින් නිකම්ම නිරුත්තර වෙනවා කියල දන්න නිසා..

" ජිමිනා...මම ඒක කියන්නම්...ඒත් ඔයා මෙච්චර උනන්දුවෙන් අහන්නේ නීරා ගැන අදහසක්වත් තියාගෙනද...? "

" ම...මම...? අ...ආ...නී....මම තියනවා "

එහෙම කියලා ජිමින් පුලුවන් ඉක්මනට ෆෝන් එක කට් කලා...මොනවා කියාගෙන ආවත් නීරාව ඇදල ගත්තම ජිමින් හැම වෙලේම ලිස්සලා ගියා...ජිමින් කෝල් එක කට් කළාට පස්සේ මම වොශ් එකක් දාගෙන කම්පැනි එකට යන්න ලෑස්ති උනා..

සුදු අත් දිග ශර්ට් එකට කලු කලිසමයි කලු කෝට් එකයි එක්ක ෆුල් කිට් එක දාගෙන පහලට එනකොට නැනී ඔම්මා මගේ ඉස්සරහට දුවගෙන ආවා..

" වා......හ්....මේ ඉන්නේ මගේ චන්ඩියාමද...?මට නම් හිතාගන්න බෑ... "

නැනී ඔම්මා මගේ මූන අත් දෙකෙන්ම අල්ලගෙන ඇස් වල කඳුළු පුරවන් මගේ දිහා බලාගෙන හරි ආදරෙන් කතා කළාම හිතට සතුටක් දැනුණා..ඇත්තටම මම ඉදියේ අද මම ගන්න තීරණ එක්ක කම්පැනි එකට ඉස්සරහට ප්‍රශ්න එයිද කියන බයෙන්..ඒත් නැනී ඔම්මා මට ආදරෙන් කතා කළහම ඒ බය නැති වෙලාම ගියා...

" ඔම්මා පරක්කු වෙන්න බෑ...මම ඉක්මනට ගිහින් එන්නම්..."

" දේ....චුසිම්හේ වස්තුව..."

නැනී ඔම්මට පොඩි හග් එකකුත් දීලා මම කාර් එක අරගන්න ගැරේජ් එකට ගියා...අවුරුදු ගාණකට පස්සේ පලවෙනි වතාවට අබොජිගේ වාහනේ ඉදගත්තම මට ඉස්සර වගේම ඒ පුරුදු සුවඳ දැනුනා...

" අබොජි....ඔයා බලාගෙනද ඉන්නේ...? අද මම යනවා කම්පැනි එකට...බය වෙන්න එපා...හැමදේම මම බලාගන්නම්..මම පොරොන්දු වෙනවා...ඔයාගේ සුපර් මෑන්ව විස්වාසයි නේද..? "

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now