°Intro°

4.3K 302 148
                                    

ඒ මේ කලට වර්ශ 5000 ට පෙර අතීත සමය .....එකල රාජ්‍යයේ පාලනය උදෙසා වූ සටන් වලින් නිමක් නැති ලේ ගංගා ගලාගිය සමයක.....පය තියන අඩියක් අඩියක් පාසා මලසිරුරක් මුණ ගැසීමට තරම් යුද්ධය දරුණු අතට හැරී තිබුනු සමයක් වූ එකල...දසත රුධිර ගන්ධය විහිදී යද්දී පවා....රාජ්‍ය පාලකයන්‍ හට එහි වගක් නොතිබුණේ....රාජ්‍යත්වය නැමැති නූල් වලින් රූකඩයන් වැනි පාලකයන් වූ ඔවුන් නටවනු ලැබූ නිසා.....පාලකයන්ට පවා තනි තීරණයක් ගත නොහැකි වූ කලක...ඔවුන් තිබූ එකම විකල්පය යුද්ධය පමණක් වුනා...නමුත් එයින් වූ ප්‍රතිඵලය නම් එතරම් සුන්දර වුනේ නෑ.....මුලු රාජ්‍යම එකම මළසොහොනක් වෙද්දී....පාලකයන් උමතුවෙන් මෙන් හැසිරුනා...නමුදු අවසන ඒ වූ මහා යුද්ධයට අනතුරුව....ඒ මහා රාජ්‍ය දෙකට බෙදීගියේ නව වංශ දෙකක ආරම්භය සනිටුවන් කරමින්.....ඉදින් එදවසට පසු නිමැවුනා...ප්‍රධාන වංශ දෙකක්....

🌞 සූර්‍ය වංශය
🌙 චන්ද්‍ර වංශය

එදවසට පෙර එක් විශාල රාජ්‍යක් වූ එය එයින් පසු දෙකට බෙදී ගියේ...නව රාජ්‍යන් දෙකක් නිර්මාණය කරමින්...එකල දෙසොහොයුරන් වූ ඔවුන් එයින් පසු සතුරන් බවට පත් වුනේ එහි ප්‍රතිඵලයක් ලෙසට.....සූර්‍ය වංශිකයන් හා චන්ද්‍ර වංශිකයන් එයින් පසු දරුණුතම සතුරන් බවට පත් වුනේ වංශ දෙකෙහි කුඩා දරුවකුට පවා එකිනෙකා තහනම් වූ කලක් උදා වී.....

එදවස වූ ඒ මහා සංග්‍රාමයෙන් අනතුරුව චන්ද්‍ර වංශිකයන් එක්ව ගොඩ නැගූ රාජ්‍යය සියන්හා රාජධානිය ලෙස හැදින් වූ අතර.....

සූර්‍ය වංශිකයන් එක්ව චන්ද්‍රහාස කන්දෙහි තම රාජධානිය ගොඩනැගුවා.....

චන්ද්‍ර වංශිකයන් තම බලය සියන්හා රාජ්‍යය වටා පතුරන කල සූර්‍ය වංශිකයන් චන්ද්‍රහාස කන්ද වටා තම ආධිපත්‍ය පැතිරෙව්වා....

මහා සංග්‍රාමයට පෙර එකම මාපියන්ගේ දෙසොහොයුරෝ වූ භාතිය කුමරා හා කණ්ඨක කුමරුන්....සංග්‍රාමයෙන් අනතුරුව සතුරන් බවට පත්වූයේ නව වංශ දෙකෙහි පාලකයන් වෙමින්..

ඒ මහා සංග්‍රාමයෙන් අනතුරුව භාතිය කුමරා චන්ද්‍ර වංශය ඇරඹූ අතර...ඔහු තම රාජ්‍ය වූ සියන්හා ගොඩනැගූවේ භාතිය රජුන් ලෙස ඔටුනු පළදිමින්...සියන්හා රාජ්‍යයේ චන්ද්‍ර මාලිගය අනතුරුව ඔහුගෙ භවන වුනා....

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now