__°29°__

640 174 74
                                    

දෙව්දාර්ව කුටිය වෙත ගෙන ආ දස්කාල් ඔහුගේ අකමැත්තෙන්ම සයනය කෙලවරෙහි වාඩි කලා...

"පසෙකට වෙනු...ප්‍රතිකාර අනවශ්‍යයි..සුලු.........."

දෙව්දාර් හට භාදා කල දස්කාල් කෝපයෙන්ම කෑගැසුවේ

"සුලු......මෙය ඔබට සුලුයිද.....බලනු මෙහි.....රුධිරය වෑස්සෙන අයුරු නොපෙනේද....නුඹේ වස්ත්‍රය දැනටමත් රක්ත පැහැ ගැන්වීලා....."

"නමු.."

"කතා අනවශ්‍යයි....අද දින මා කියන ආකාරයෙන් සිටිය යුතුයි ඔබ.....නැතොත්....."

"හුහ්....නැතොත් කුමක්ද..?"

මුව ඇද කල දස්කාල් පැවසුවේ

"එය එවිට.....කෝ....මෙදෙස බලන්න....මෙලෙසින් හාන්සි වන්න..."

දෙව්දාර්ව සයනය මතින් මුනින් අතට හාන්සි කල දස්කාල් උඩු සලුව ගලවා ප්‍රතිකාර කිරීම ඇරඹුවා...

"ආෂ්....වේදනායි...කුමක්ද සිදුකරන්නේ...නුඹ වෛද්‍ය ශිල්පය නොදන්නවා නොවෙද...පසෙකට පසෙකට....නුඹට ඉඩ දුන්නොතින් හෙම...මරාදමාවි ප්‍රතිකාර කරම"

"කටවසනු.....ප්‍රලාප අනවශ්‍යයි...වෙදදුරු තුමන් අසලට ගෙන යා නොහැකියිනෙ...මා සිදුකරන්නම්"

"කුමක්ද ඔය...පුලුස්සනවා මෙන්"

"නුඹ සිටින්නකෝ....මානෙ සිදුකරන්නේ"

"එය තමා මා හට ඇති එකම බිය"

නොයෙක් ආකාරයේ කුඩා රණ්ඩු සරුවල් මැද දස්කාල් ප්‍රතිකාර කර අවසන් කලා....පවුරුගේ ශක්තිමත් උඩුකය ධවල පැහැ කඩමාල්ලකින් වෙලූ හේ දෙව්දාර්ව සයනය මතින් නැවත තබන විට වෙහෙසටම ඒ වන විට දෙව්දාර්ගේ දෑස් පියවී තිබුනා...

සන්සුන් වුවත් වේදනාවක් පෙන්වන දෙව්දාර්ගේ උවන දෙස මද වේලාවක් බලා සිටි දස්කාල් ඔහුගේ මුහුනට වැටී තිබූ කෙහෙරැල් මදක් පසෙකට කර නැගී සිටියා...

"උඩගුයිනෙ ඉදින් ඔබ...කුමකටද දඩුවම් ලැබූයේ...මෙලෙස දණ්ඩනයක් ලැබූ ප්‍රතම වතාවද ඔබේ..එලෙස විය යුතුයි..චන්ද්‍ර සෙන්පති යනු එකදු වරදක් නොකරන අයෙක්නෙ.......නුඹ දණ්ඩනයක්ද බලාපොරොත්තුවෙන්ම මෙහි පැමිනියද..මා කෙසේද ඔබ දඩුවම් ලබන තුරු බලා සිටින්නේ...එනිසානෙ මා එය මා වෙතට හරවා ගත්තේ.....නමුත්..නුඹ....

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now