__°52°__

619 159 136
                                    

"පියාණෙනී...."

"ශිල්‍යා....කිමද මේ කෝපයෙන්...."

දහවල වූ සිදුවීමත් සමග ශිල්‍යා සිටියේ කෝපයෙන් උමතු වීලාය...ඇයට දරන්නට අපහසුයි..තමා ප්‍රේම කරන මිනිසා අනෙකෙකු අසල දැවටීම....එයත් තමාව ගනනකට නොගෙන.....තමායි සූර්ය කුමරිය...කෙසේද තමා හා සමවිය නොහැකි කෙනෙකු තමාව පසෙක දමන්නේ....

ශිල්‍යාට මතකයි දහවල දෙව්දාර්ව නවතාගත්තත්...ඔහු වුවමනාවෙන් තමා හා කතාබස් නොකල වග....ඒ හරිත දෑස් අනෙකෙකු සෙවූ වග.....තමා තරම් සුන්දර ලදක් සිටියදී ඔහු කෙසේද වෙනත් කෙනෙකු දෙස දෑස් යවන්නේ....එයත් තවත් පුරුෂයෙකු දෙසට...

කල්පනා කර අනතුරුව ඕ තවමත් පහව නොගිය කෝපයෙන්ම සිය පියාණන් සොයා ගියේය....

"පියාණෙනි මට ඔහු අවැසියි"

"කුමක් ගැනද පවසන්නේ ශිල්‍යා....ප්‍රතමව සන්සුන් වෙන්න...කුමරියකට ඔබින හැසිරීම් අමතක වීද"

එයින් පසු ගැඹුරු හුස්මක් පහත හෙලූ ශිල්‍යා මදක් සන්සුන් වූවාය...කලබල වී කුමකටද තමා සූර්ය කුමරියයි..තමාට ලබා ගත නොහැකි දෙයක් මෙහි තිබිය හැකිද?...අන් දෙය නම්...තම පියාණන් තමා කුමනාකාරයේ දෙයක් ඉල්ලුවද සැමදා එය ලබා දුන්නේය..ඉදින් මේ කලබල කුමකටද?

"දෙව්දාර්.....පියාණෙනි මට ඔහුව අවැසියි"

"ශිල්‍යා??"

කණ්ටක රජුන් සැබෑවටම බිය වූයේය..ඔහු මෙවැනි දිනක් අපේක්ෂා කලා වුව මෙතම් විගසින්....ඔහු ව්‍යාකූල විය...

පියාණන්ගෙන් පිලිතුරක් නොමැති තැන ඈ නැවතත් කතා කලාය...

"පියාණෙනි....මමයි සූර්ය කුමරිය...මට ඔහුව අවශ්‍යයි......අර සුනකයා මරා දමා හෝ මට දෙව්දාර්ව අවශ්‍යයි....."

කෝපයෙන් කෑගැසූ ඈ...පිටව ගියාය...එක් අතකට වැරදි ඈද?....නැතිනම් අනෙක් රාජ්‍යයේ සිට සුලගේ අමුණා පැමිනි...දෙව්දාර්ගේ රණශූරත්වයද?......

ශිල්‍යා හට ඒවන විට වයස අවුරුදු දහහතකි... චන්ද්‍ර රාජ්‍යයේ සෙන්පති වශයෙන් එකල දහඅට වන වියෙහි පසුවූ දෙව්දාර් පත් වූ බව රාජ්‍යන් දෙකෙහිම සුලගක් මෙන් පැතිරගියේය...ඊට නොබෝ කලකින්ම ඇතිවූ දරුණු සංග්‍රාමයක් හේ තනිවම පාලනය කල පසු ඔහුගේ කඩවසම් බාවයත් රණශූරත්වයත් ,දක්ෂතාවයත් ගැන පමණක් නොවේ ඔහුගේ තියුණු අසිපත වූ චන්ද්‍රකාන් පිලිබදවත් අස්වයා කාල පිලිබදවත් සිමා මායිම් නොමැතිව කිවිදුන් කාව්‍ය පවා ලීවේය...චන්ද්‍ර සෙන්පති දෙව්දාර් තෙමසක් ගතවන්නට මත්තෙන්...මුලු රාජ්‍යන් දෙකෙහිම පතල වූවේය....

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now