__°34°__

614 176 49
                                    

"තෝ...අසමජ්ජාතියා...මොන මගුලක්ද මාගේ කාල  හට තමුන් සිදුකලේ"
.
.
දෙව්දාර් සිය රවුද්‍ර බැල්ම මොහොතකුදු අවම නොකරමින් කාල පිටමත සිටින දස්කාල්ගෙන් විමසූ විට හේ කුමක්වත් නොකලාක් මෙන් දත් සියල්ල පෙන්වමින් සිය අවිහින්සක සිනහව පෑවා..

"කුමක්වත් නොවේ...පවුරූහ්....."

"කුමක්වත් නොවේ?...මරාදමනවා මා...පවසනු...කාල හට කුමක්ද ඔබ සිදුකලේ"

අස්වයා පිටින් බට දස්කාල්...සිනහසෙමින්ම කාලගේ හිස අතගෑවේ දෙව්දාර්ගේ දෑස් විස්මයෙන් මහත්වන විට

"ආහ්...එයද පවුරූ....කාල සමග මා කුඩා ගිවිසුමක් දැමුවා....එපමනයි...."

එයසනාත කරන්නාක් මෙන් අස්වයාද තෘප්තිමත් හේෂාවරයක් නිකුත් කලේ දෙව්දාර් තව තවත් පුදුමයට පත් වන විට...

"කුමක් වුවත් දෙව්දාර්...ඔබේ කාලනම්...සැබැවින්ම ඔබසේමයි...එකදු වෙනසක් නැහැ.....කාන්තාවන්ටත් ප්‍රිය නැහැනෙ"

දෙව්දාර්ගේ දෙනෙත් මගහැර දස්කාල් කී විට දෙව්දාර් ප්‍රශ්නාර්තය පිරි බැල්මෙන් ඔහු දෙස නෙත් හෙළුවා

"කුමක්....?"

ඒත් සමගම එකම මොහොතකටවත් දෙව්දාර් දෙස නොබැලූ දස්කාල් පෙර අසල වෘක්ශයක එල්ලා තැබූ සම් මල්ල දෑතට ගෙන නැවතත් කාල අසලට ඇවිද ගියා

"ආ...කිසිත් නැහැ දේව්...කිසිවක් නැහැ...ඔන්න ඔට්ටුවේ ජ්‍යාග්‍රාහකයා මමයි...එවිට ඔබ සපත කල ලෙසටම ත්‍යාගය දිය යුතුයි පවුරු-ඌඌ....."

එසේ කියා සිනහසෙමින්ම අසල ගංදිය වෙතට ඇවිදයාමට දස්කාල් සැරසුනත් අස්වයාගේ නුරුස්සන හේෂාවරය නිසා හේ නැවතී ආපසු හැරී බැලුවා...

"ඔහ්..ඔබට අමතක වූයේ නැහැ නොවෙද.....හොදයි හොදයි..ගිවිසුමේ කොන්දේසි ලෙසටම ඔබට හිමි ත්‍යාගය හෙට අලුයමදී ඔබට ලැබෙනු ඇත කාල"

අස්වයා හට එසේ පවසා ඔහුගේ පිරුනු පසුපසට කුඩා තට්ටුවක් දැමූ දස්කාල් දෙව්දාර් හට සමච්චල් සිනහවක් ත්‍යාග කොට ගංදිය වෙතට ඇවිද ගියේ නැවතත් මෙසේ කියමින්...

"ඌරු මාංශය දැනටමත් සීත වී ඇති...විගස පැමිනෙන්න පවුරූඌඌඌ..කුසගිනී-ඊඊඊඊ"

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now