මිතුරන් දෙදෙනාගේ මාරාන්තික සටන දෙස දස්කාල් හිනැහෙමින් බලා සිටියා....
"සමුද්‍ර දැන්වත් නවතන්නකෝ"
''නොහැකියි...ප්‍රථමයෙන් මොහු"
එවිටම භාති සමුද්‍රගේ ගෙලෙන් අල්වා ගත්තේ එයනම් සිදුනොවෙන්නක් බව කියමින්ම
"හහ්...මා.....නොවේ කවදාවත් නැහැ......ප්‍රතමයෙන් නුඹ නවතනු...ඇරඹුවෙත් නුඹමනෙ"
"මාද ඇරඹුවේ මුග්ධයෝ"
"තෝ නොවෙයි නම් මාද"
"ඔව් නුඹ තමයි"
එක්වරම කන අසලින් ඇසුනු මිමිනුම නිසා දස්කාල් තිගැස්වුනා
"හහ්..වෙනසක් නැහැ...අසමජ්ජාතියෙකුගෙම අසමජ්ජාති මිතුරන්.."
ඒ දෙව්දාර් බව වැටහුනද එක්වරම එය ඔහුපැවසූ නිසාත් මෙතෙක් වේලා ඔහු මෙහි සිටි බව නොදන්නා නිසාත් දස්කාල් බොහෝ සෙයින් බියවූවා...
නමුදු එක්වරම මේ සටන නවැත්වීමට උපායක් කල්පනා වූ දස්කාල් තවමත් ගල්තලාව මත පොරබදිනා සමුද්‍ර හා භාති දෙස බලා සෙමෙන් මිමිනුවේ
"සමාවෙන්න සමුද්‍ර..නවත්වන්නේ නැහැනෙ කිසිවෙකු..එනිසා කිරීමටම සිදුවනවා...සමාවන්න මදකට ඔබගේ තත්වය පලුදු කිරීමට වේවි..හී හී"ඒත් සමගම දස්කාල් මහ හඩින් කෑගැසුවේ...
"සා....මූ...ද්‍ර.....බලාගෙන ඔතන මැඩියෙක්"
ඒ හඩත් සමගම මෙතෙක් වේලා පොරබැදීම නිසා ඝෝෂාකාරී ව තිබු පරිසරය එක්වැරම නිහඩ වූවා...භාති කෙලින්න සිය සිරුර මත සිටිනා සමුද්‍ර දෙස බැලූවිට..සමුද්‍රගේ සිරුරේ හිරිගඩු මතුවීමට මොහොතක් වත් ගතවුනේ නැහැ...එක්වරම දෙපසට වූ දෙදෙනා අතරින් සමුද්‍ර කෑගසමින් ගල්තලාව මතින් බිමට බැස්සේ හීයක වේගයෙන්...තමා ගවෞරවාන්විත සූර්ය සෙන්පති බව අමතක වූවාක් මෙන් දිව ගිය සමුද්‍ර දස්කාල්ගේ පසුපසට විත් සිය වේගයෙන් ගට්ඨනය වන පපුව සන්සුන් කරගත්තා...
"ආහ්.....කොහිද.....ඌ...ඉවතදමන්නකෝ......චක්‍රා...ඉවතදමන්නකෝ....මොන මගුලෙ මැඩියෙක්ද..මේ අස්සෙම රින්ගන්නෙ..උලව්ව..හැමිනියන් ඕකා...ඔය මගුලෙ මැඩියා ඉවතදමන්නකෝ චක්‍රා..."
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...