සමුද්‍ර දස්කාල්වද රැගෙන යුධාංගනය වෙත දිව ගියේය...දස්කාල් දෙව්දාර්ව දැක ගැනීමට දිව ගියද එහි වූයේ හාත්පසින්ම අනෙකක් විය....
ප්‍රධාන අමාත්‍ය බිම දණ නමාන සිටි අතට මාලිගයේ සෙබලුන් ඔහු වටකොට තිබිනි....රජුන් සහ කුමරුන් බැලූ බැල්මට අතිශය කෝපයෙන් විය....
මේ සියල්ල දෙස සිය ගනනක් ජනයා බලා සිටින්නට විය....
මේ අතර රුධිරය වෑහෙන සිය දෑත තදකරගත් ප්‍රධාන අමාත්‍ය මහ හඩින් කෑගැසුවේය....
"ඔව්....මම තමයි ඒ....හහ්...උබලව පාවා දුන් ද්‍රෝහියා...උබලගෙ සූර්ය සෙන්පති රහසින් ගිය ගමන කඩාකප්පල් කල ද්‍රෝහියා.....එහි ගිය උන් එකෙක්වත් නැවත නොපැමිනෙන්ට වැඩ සලසවා තිබුනට...මුන් ටික බේරී පැමිනියා....හහ්....නමුත් බලාපන්.උබලට කිසිත් කල නොහැකියි.....මා හට අත තැබුවහොත් අසුර සෙන්පති උබල එකෙක් අත්හරින්නැහැ....හැකිනම් මා හට දෑත තබා බලනු....මේ මුලු රාජ්‍යම විනාස වේවි.....එපමනක් නොවේ චන්ද්‍ර රාජ්‍ය පවා.......සූර්ය චන්ද්‍ර රාජ්‍යන් විනාස වූ කල්හි අසුර සෙන්පති වැජඹේවි...උබලගෙ මලසිරිරු ඉහලින්..."
ප්‍රධාන අමාත්‍ය වියරුවෙන් මෙන් කෑගසන විට කාලන්ගේ කෝපයෙන් කෑගැසුවේය...
"මොහුව දගගෙයි දමනු...දෑතින් නොහැකිනම් පාදයෙන්....හෝ කුමකින් හෝ.....මොහු වේදනා විදිහ යුතුයි....නමුත් මිය යා නොහැකියි.....සියලුම දණ්ඩනයක් ක්‍රියාත්මක කරනු...සියල්ලන්ට දැනිය යුතුයි රාජ්‍යට පිටු පෑමේ ප්‍රතිවිපාක...."
කාලන්ගේ අණත් සමග සෙබලුන් අමාත්‍ය රැගෙන ගිය අතර..හේ තවමත් උන්මත්තකයෙකු විලසින් මොර ගෑවේය...
"මෙහි කුමක්ද සිදුවූයේ"
මෙතැන්හි සිදුවූ දෙය වැටහුනද දෑස සෙවූ රුව නොදුටු විට දස්කාල් හට අනියත බියක් දැනුනි...අසල සිටි පුරුෂයෙකුගෙන් විමසුවද....අස්හලේ සුනකයා හා කතාබස් කිරීමට කිසිවෙකු හට ප්‍රිය තාවයක් නොවුනි...
තමාම ගොඩනගාගත් අපකීර්තිය පිලිබද දස්කාල් හට ප්‍රතම වරට ක්‍රෝධයක් දැනුනි...මේ වන විට රජුන් අසල සිටි සමුද්‍ර හට දෑසින් සන් කල දස්කාල් අවට දැසි දස්සන් ආදී සියල්ලම කසු කුසු ගාමින් පිටව ගිය පසු ඔවුන් අසලට ලං වුනි...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...