__°13°__

719 182 122
                                    

යුවරජු සිටියේ යුධාංගනයේ තම අසිපත් පුහුණුවෙහි....පෙරදා දණ්ඩණය හේතුවෙන් උර මදක් ඇදුම් කෑවද හේ පුහුණුව නැවතුවේ නම් නැහැ....යුවරජු අතෙහි ලෙලදෙන්නේ රාජ්‍යයේ කා අතරත් පතල වූ කාලනේත්‍ර අසිපත....මුලු රාජ්‍යයේම මෙතරම් ශක්තිමත්, තියුණු , අසිපතක් තවත් නොමැති තරමින්....

මේ තියුණු අසිපත්හි නිමැවුම්කරුවා වන්නේද යුවරජුමයි.....වසර භාගයක වෙහෙස මහන්සියකින් අනතුරුව නිමැවූ කාලනේත්‍ර අසිපත යුවරජුට හැරෙන්නට අනෙකෙකුට ඔසවා ගැනීමට නොහැකි තරමින්....මෙය එක් විශේෂ අසිපතක් ..මෙයින් අසිපතක කාර්‍ය පමනක් නොව දුන්නක කාර්‍යන්ද සිදුකරනවා..සාමාන්‍ය අසිපත් ප්‍රමානයට වඩා දිගින් වැඩි දුන්නක ප්‍රමානය ගත් මේ අසිපත තලයන් දෙකක එකතුවක්...ඉහල තලයේ තියුණු කැපුම් ද්වාරද..පහල තලය අතිශය තියුනු වූ තලයක්ද මධ්‍යයෙහි ඇති කුහරයන් මගින් එක්වර හී ත්‍රිත්වයක් විදීමේ හැකියාවද පවතිනවා...දුණු දිය ඇදීම උදේසා සම් පටියක්ද ඇතුලත්....

රණ භූමියකදී නම් කාලනේත්‍ර අසිපතට එරෙහි වන්නට කිසිදු විරෝධියෙකු නැහැ...කිමද යුවරජුගේ රණශූරත්වයත් කාලනේත්‍ර අසිපතෙහි ශක්තියත් සමග කිසිවෙකුට ඔහුට එරෙහි විය නොහැකියි....ආලෝක රජු හා කල්‍යාණී අග බිසව තම පුත්‍රයාගේ දක්ෂතාවය ගැන ඉමහත් පැහැදීමට පත්ව සිටියත් දිව්‍යා බිසම නම් එසේනොවෙයි....

"අයියණ්ඩි....මා භාදා කලාවත්ද"

එක්වර ඇසුනු හඩත් සමග මෙතෙක් වෙලා පුහුණුවට අවධානය දුන් යුවරජු හැරී බැලුවා...දුටු දසුනෙන් යුවරජුගේ දෙනෙත් කාන්තිමත් වීමට වැඩි පමාවක් වුනේ නැහැ...

"ඔබ පැමිනිලා"

පැමිණ සිටියේ උත්පලා කුමරියයි...ඇය රාජ වංශයට සම්බන්ධ උසස් කුලයක තරුණියක්....යුවරජු කෙරෙහි ආලයක් ඇගේ සිතෙහි වැඩුනද යුවරජු ඇයව සැමදා දුටුවේ නැගනියක් ලෙසටයි...

"පියකරුයි"

යුවරජුගේ මුවින් එසේ නොදැනීම මෙන් පිටවෙනවාත් සමගම උත්පලා කුමරිය ලැජ්ජාවෙන් බිම බලාගත්තා...

"කතාකලහැකිද?"

නැවතත් යුවරජු අසන විට උත්පලා සෙමෙන් හිස ඉහලට ඔසවා..."අයියණ්............." ඇගේ හඩ එක්වරම නැවතුනේ දුටුව දසුනෙන්....යුවරජු බලා සිටින්නේ ඇය දෙස නොවෙයි.....යුවරජුගේ දෑස් ඔස්සේ ඕ පිටුපස හැරී බැලුවා...ඒ ඇයයි....ඇගේ සේවිකාව....පහත් යැයි හන්වඩු ගසමින් තමන් කාර්‍යන් සිදුකරගන්නා සේවිකාව දෙසටයි යුවරජුගේ කාන්තිමත් බැල්ම....

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now