__°91°__

402 85 19
                                    


''චක්‍රා? ''

"චන්දෲ??"

දස්කාල්ගේ වදනින් තිගැස්මට පත් දෙව්දාර්ගේ හා සමුද්‍රගේ මුවගින් එසේ පිටවෙන විට සමුද්‍රගේ අවධානය ගිලිහී ගිය වග දැකි අසුර සෙන්පති එක්වරම සමුද්‍රගේ ධූර්තයම අනෙක් පසට ඇද සමුද්‍ර කෙරේ එල්ල කලේ සිය ධූර්තයෙන්ම සමුද්‍රගේ කුස පසාරු වන විටය...

සමුද්‍රගේ දම් පැහැ ගත් යුධ ඇදුමේ රක්ත පැහැයෙන් රුහිරු සටහන් වුවද සමුද්‍ර හට දරාගත නොහැකි තරමින් ප්‍රහාරය දරුණු වූයේ නැත...

දෙව්දාර් එකවිට පැම්ණ සමුද්‍රව සිය ගතට වාරු කරගන්නා කල සමුද්‍ර හට එල්ල වූ පහරින් අතිශය කෝපයට පත් දස්කාල් අසුර සෙන්පති හට සිතීමට වත් කාලයක් නොතබා ඔහුව අඩපන කොට හේ භූමිය මතට වැටුනු සැනෙකින් සිය කාලනේත්‍රයෙහි කෙලවර වූ තුඩ අසුර සෙන්පති කේටයන් ගිලින වාරයක් වාරයක් පාසා ඉහල පහල ගියා වූ තාරුණ්‍යය යේ ගැටය මතින් තද කලේ වේදනාව පසෙකලා අසුර කටකොනින් සිය වියරු සිනහව නගනා කල්හිය...

"නුඹ..කාලි..

ඔහුගේ එක කුස එකවිට උපන් සොහොයුරා කාලි

අප දන්නා හැදිනූ කාලි

නමුත් නුඹ ඔහු නොවේ.....මා නිවැරදිද මාගේ මිත්‍රයා..

පවසනු...කොහිද භාති??

කොහිද අපගේ අයියණ්ඩි.කුමක්ද නුඹ සිදු කලේ.."

දස්කාල් සිය ගැඹුරු මකර සෙන්පතිගේ හඩින් පවසනා කල ඔහුගේ එකදු පැනයකට පිලිතුරු නොදුන් කාලි තව තවත් සිනහ නගනා විට දස්කාල් සිය කාලනේත්‍රය තව තවත් තද කරලූයේ වේදනාවට හේ භූමිය මත සිය දෑත් තදකරගන්නා විටය..

කොතරම් රුධිරය වෑහුනත් මුව නොසෙල්වන කාලි දෙස බලාන සිටි සමුද්‍ර දෙව්දාර්ගෙන් මිදී ඉදිරියට පැමින දස්කාල්ගේ උර මත සිය හස්තය තැබුවේය...

"කෙසේද පවසනුයේ චක්‍රා...මාද ප්‍රියයි මේ ඔහු නොවනවා නම්..නමුත් මුහුණ පවා මෙතරම්ම?"

සමුද්‍රගේ වදන් වලට මදක් සිනහවූ දස්කාල් තවත් වාරයක් සිය අසිපත කාලි මතට තද කරලීය..

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now