__°13°__

745 179 85
                                    

__වසර ගණනකට පෙර__

"දෙටු අයියන්ඩි..දෙටු අයියන්ඩි...ඔබ කොහිද...දෙටු අයියණ්ඩි"

එලිමහන් මණ්ඩපයක එක් තරුණයෙකු සිටියේ යමක් පිටපත් කරමින්...ඒ කල්හි තරුණ වයසෙහි පසුවූ කණ්ඨක කුමරු රාජ්‍යයේ යුවරජු වූ තම වැඩිමහල් සොහොයුරා සොයා දිවගියේ...රාජ කුමරෙකුට ඔබින සංයමයත් අමතක කරමින්.....තමාගෙ එක් බාල සොයුරෙකු තමාව සොයන බව වැටහුනු යුවරජු සන්සුන්ව පන්හිද පැසෙකට කර අසුනෙන් නැගී සිටියේ තම සොයුරාකේ කලබලයට කාරණය කුමක්දැයි සිතමින්

තරුණ කණ්ටක කුමරුන් තම වැඩිමලා අසලට දිවගොස් ඔහු අසල නැවතුනේ දිව ආ වේගය හේතුවෙන් වේගයෙන් හුස්ම ඉහල පහල හෙලමින්

කණ්ටක කුමරුගේ උරහිස මත තම දෑත තබා යුවරජු තම ගාම්බීර කටහඩ
අවධිකලා...

"මලණ්ඩි...කුමක්ද කාරණය...කිමද ඔය ලෙස දිව යන්නේ...අමතකද ඔබ රජකුමරෙකු බව ම්ම්...."

තමා වෙත කරුනාවෙන් කතාකරන තමාගේ වැඩිමහල් සොහොයුරා දෙස කණ්ටක බලා සිටියේ ශෝකයෙන්

"කමා කරන්න අයියණ්ඩි..මා එය අමතක කලා....නමුත් නමුත් ඔබ දැන්ම මෙතනින් පිටව යා යුතුයි...පි...පියානන් ඔබව සොයනවා...අප පිටවයමු...ඔහු ඔබව සොයාගැනීමට පෙර පිටව යමු...අයියන්ඩි..."

යුවරජුගේ දෑතින් අදිමින් කෑගසන කණ්ටක කුමරු දෙස සිනහ මුසු මුහුනින් බලාසිටි යුවරජු....තම සොහොයුරාව සන්සුන් කලා

"ඉදින් කණ්ටක..පියානන් මා සොයනවානම් මා ඔහු අසලට නොයා ඔහුගෙන් පලායන්නේ කිමද..එන්න අපි ඔහු අසලට යමු...වුවමනාවකටද ඔහු මා සොයන්නේ"

එයින් කලබල වුනු කණ්ටක......

"නැහැ..නැහැ...පියානන් අසලට යන්න එපා..ඔහු ඔබව සොයන්නේ දඩුවම් කරන්න...අප පිටව යමු...පිටවයමුකෝ...භාතිය සියල්ල සූදානම් කලා..එන්න....අයියන්ඩි..අනේ එන්න...."

"දඩුවම් කරන්න මාහට...ඒ කිමද කණ්ටක..මා වරදක් සිදුකලාද....සිටින්නකෝ මා පියානන් හමු වී එන්නම්...."

"අයියණ්ඩි එපා...අයියන්ඩි...මේ සියල්ල අර ඔහු නිසයි...ආර්‍ය....ඒ ඔහු නිසයි"

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now