__°35°__

638 179 85
                                    

දෙව්දාර් එතැන්හිම සිටියදී මාලිගය වෙත දිව ගිය දස්කාල් අවසනදී නැවතත් කාලන්ගේ රාජකාරි කටයුතු ඇරඹුවා...

විගස පැමිනෙන්නම් කියා පිටව ගියද ප්‍රමාද වූවා කියා කාලන් කිසිවක් නොකීවද ලගකදී සිට දක්වන සමීප බව එතැන්හි සිට දස්කාල් වෙත කාලන් දැක්වූයේ නැහැ...සෑම විටම දස්කාල්ව මගහැරි කාලන් අවසන රාත්‍රි අටෙහි හෝරාව වන විට දස්කාල්ව රාජකාරි වලින් මුක්ත කලේ පසුදා සුපුරුදු පරිදිම නැවතත් තමාගේ කාර්යන් උදෙසා පැමිනෙන ලෙසට අණ කරමින්..

එයට එකග වූ දස්කාල් කුටිය වෙතට යාමට ගියත් යමක් මතක් වී මාලිගා ද්වාරය වෙත ඇවිද ගියා...

මාලිගා ද්වාරයෙන් එලියට බට හේ කඩමණ්ඩියේ විදි ඔස්සේ ඔහේ ඇවිද ගියේ වටපිටෙහි ඇති නොයෙක් දෑ දෑසින් විදගනිමින්....වැරහැලි ඇදගත් කුඩා දරුවන් තිදෙනෙකු වීදි කෙලවරෙහි ක්‍රීඩා කරන අයුරු දුටු දස්කාල් මදක් නැවතී එදෙස බලා හිද අවසානයේ නැවතත් කඩමන්ඩියේ අදුරු වීදි ඔස්සේ ගමන් ඇරඹුවා...

අවසානයේ වීදිය කෙලවරෙහිම පිහිටි කුඩා මස් සපයන ස්තානයට ගිය හේ සුපුරුදු සිනහමුසු මුහුනින්ම ඌරු මාංශ ඇනවුම් කලා....

සැබැවින්ම දස්කාල් මාලිගයේ සිට මෙතෙක් දුර පැමිනියේද මේ උදෙසාමයි..දහවල ගෙන ගිය ඌරු මාංශ සූපය දෙව්දාර් මුවින් කිසිත් නොකීවද ආසාවෙන් රසවිදි බව දස්කාල් දුටු හේතුවෙන් හේ අනුමාන කලා දෙව්දාර් ඌරු මාංශ වලට ප්‍රිය බව....සැබැවින්ම සියන්හා සිට මෙහි පැමින අද වන තෙක් දෙව්දාර් හට මසුන් ඇරෙන්නට වෙනත් මාංශ භෝජනයක් සකසා දීමට දස්කාල් හට නොහැකි වූ හේතුවෙන් හේ ඉටා ගත්තා අද දින ඔහුට මේවා සකසා දීමට..

සවි ශක්තියෙන් හෙබි ඒ වූ මස් වෙලෙන්දා ලෝහ කොකුමතින් එල්ලා තිබූ විසල් ඌරෙකු පහතට බාමින් උගේන් ගතහැකි හොදම කොටස් ටික දස්කාල් හට වෙක් කරනු දුටු හේ සිත යටින් සිනහ වූයේ වෙනදාක නම් තමාහට  කුණු කෑලි විකුනන මොහු අද දින තමා ගෙවූ රන් කහවනු හේතුවෙන්ද කොහේ නැවුම් මාංශ වෙන් කරනු දුටු පසුයි....

එක් අතකින් ඒ හෙයින් දෙව්දාර් හට නැවුම් ඌරු මාංශ පිලියෙල කල හැකි බැව් සිතූ දස්කාල් වෙලෙන්දා හට කාර්ය කිටීමට ඉඩ දී මදක් එහායින් වන්නට තිබූ කනුවකට හේත්තු වෙමින් එදෙස බලා සිටියද..එක්වරම කිසිවෙකු තමා දෙස බලා සිටින බවක් වැටහුනු දස්කාල් මදක් විමසිලිමත්ව බැලූ විට දුටුවේ මදක් ඈතින් වන්නට මිලාධික වස්ත්‍රයෙන් සැරසී සිටි මහලු  කතක් තමා දෙසම නෙත් යොමා සිටි අයුරුයි...

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now