__°49°__

628 152 107
                                    

ඔය ලෙසින් හඩන්න එපා ඉදින්...මා හැකිනම් පැමිනෙනවනෙ චන්දෲ....කෙසේ හෝ නැවත ඔබ අසලට පැමිනෙන්නම්

සිරුර දෙකඩ කරන්නාක් මෙන් දිව යන වේදනාව මධ්‍යයේ වුව දෙව්දාර් හට අවැසි වූයේ දස්කාල්ව සැනසීමටයි...නමුත් ඉදින් කෙසේනම් හේ ඔහුව සනසන්නද...කිසිවක් නොපෙනෙන අන්ධකාරයක් මැදින් දස්කාල්ගේ හඩ පමනක් ශ්‍රවණය වන ස්තානයක සිටන් කෙලෙසකින් ඔහු දස්කාල්ව සනසන්නද?

අවැසියි ඔහුට දස් ව තුරුලු කරගන්නට..
අවැසියි ඉදින් ඒ නලල් තලය දීර්ඝ හාදුවකින් තෙමන්නට...
සත්තකින්ම අවැසියි ඔහුට හද පමණක් දැන සිටි ආලය වදනින් පවසාලන්නට..

සිරුර වෙලා ඇති යදම් බිද ලා ඔහු අසලට යාමට ඇති වුවමනාවෙන් දෙව්දාර් දහස් වරක් නැගී සිටීමට උත්සහ කරන්නට ඇති....

නමුත් ඇටමිදුලු කැඩීයන්නාක් මෙන් දැනෙන වේදනාව ඉදිරියේ ඔහු හට අකමැත්තෙන් වුව මොහොතකට දණ නැවීමට සිදුවිය...

ඉදින් මේ රාත්‍රිය බැව් වැටහුනේ දස්කාල් කී පසුය...

"ඉදින් මේ රාත්‍රියනම් ඔබ නිදන්නේ නැතිද  චන්දෲ"

ම්හු...ඔහු නම් නොනිදන හැඩයි...දස්කාල් බොහෝ වේලාවක් තම දෑත අල්වාගෙන නොයෙක් දෑ පවසන අයුරු දෙව්දාර් වේදනාවෙන් අසාසිටියේය...මොහොතින් මොහොත ගත වන විට ඇතැම් මොහොතක නලලට දැනෙන සිසිල් පහසින් දස්කාල් තමා හට නොදැනෙන්න සිපුම් තබනා වග වැටහුනු දෙව්දාර් සිත යටින් සිනහවූවේය...

ආහ්..කුඩා වංචාකාරයා....මහා මුග්ධයෙක් මොහුනම්...

ඉදින් දස්කාල් නොනිදා සිටිනවානම් දෙව්දාර් හට සැතපිය හැකිද...තමා අසාසිටිනවා යැයි නොදන්නා දස්කාල් පවසනා සියලු දෑ අසාසිටිමින් හේ මුලු රැය පුරාම සිතින් ඔහු හා දොඩමලු වූවේය...ඔහු හා බොහෝ දෑ කතා කලේය....නමුත් ඒ කිසිවක් දස්කාල් හට නම් නොඇසුනි...

නමුත් කොතරම් වේලා කල්පනා කෙරුවද දෙව්දාර් එකම ප්‍රශ්නයක් අසල නැවතුනි...

චන්දෲ....මා ඔබගේ ඔහුව ඔබෙන් සැගවූ වග දත් දිනෙක ඔබ මා හා ඔයලෙසින්ම සිටීවිද චන්දෲ...ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා යැයි සපත කල ඔහුව මේ දෑතින්ම මරා දැමු මාව ඔබ පෙර ලෙසින්ම පිළිගනීවිද?...

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now