"කාදී..."තූර්ය කෑගැසුවේ බොහෝසෙයින් බියවිලා..ඒ හා සමානව ශිව්නාත් සිටියේද බියෙන්...මොවුන් දෙදෙනාගේ කෑගැසීම කන වැකුනු කුණ්ඩලීද ගෙතුල සිට දිව ආවා...ශිවුනාත්ව දුටු කුණ්ඩලී විස්මයට පත් වුවද තූර්ය අසල වැටී සිටිනා කාදිනීව දුටු ඇය තත්වය වහා වටහා ගත්තා....
"ඉක්මන් කරන්න...ඇයව ගෙතුලට ගෙනෙන්න..."
තවමත් තුෂ්ණිම්භූත වී සිටිනා ශිවූ හා තූර්ය ඇගේ හඩින් පියවි සිහියට පැමිනියා..
"අහ්....හරි..හරි"
ශිවූ ඇයව ප්‍රවේසමෙන් සයනය මත තැබූ පසු පිටතට පැමිණියේ තවමත් පහව නොගිය බියෙන් යුක්තව..
"ඇයට ..ඇයට...කෙසේද?"
පිටතට පැමිනි කුණ්ඩලීගෙන් දෙදෙනාම ඇසුවේ බියෙන්
"ඇය ප්‍රසූතියට සූදානම්..."
කුණ්ඩලී පැවසූ විටයි දෙදෙනා සන්සුන් වුනේ....
"ඇයට..කරදරයක් නැහැ නොවෙද.?"
"ඇයට කරදරයක් නැහැ....නමුදු.."
"කු..කුමක්ද?"
"ඇයට අදික වෙහෙසයි. එනිසා සිහිමුර්ජා වී සිටින්නේ..නමුත් ඇය දැන් දරුවා ප්‍රසූත්‍ර කල යුතුයි...ඒ සදහා ඇයට සිහිය පැමිණිය යුතුයි...සහ......."
"සහ..කුමක්ද?"
"අප අසල කාන්තාවන් නැහැ...මා හට තනිවම එය සිදු කල නොහැකියි.."
"ඉදින් අප කුමක්ද කල යුක්තේ.."
තූර්ය ඇසුවේ නැවතත් බිය වීලා...
"නුඹ දෙදෙනා මට සහය වන්න..."
"කු.කු.කුමක්ද පවසන්නෙ.."
ශිවූ අසන්නේ බියෙන්
"අසන්න..වෙනත් ක්‍රමයක් නැහැ...මා දන්නවා ඔබ දෙදෙනා බියවී ඇත්තේ..නමුදු අප කෙසේද කාන්තාවන් සොයාගන්නෙ මේ අවටින්....බිය විය යුතු නැහැ..ශිවූ ඔබ ඇගේ සැමියායි...තූර්ය ඔබ ඇගේ කුඩාකල සිට මිතුරායි...ඔබ ඇයට සලකන්නේ කුඩා සහෝදරියකට ලෙසටනේද"
"ඔව්"
"එසේනම්...පැමිනෙන්න..මා හට උපකාර කරන්න...ඇයට දැන් ඔබ දෙදෙනාගේ උපකාර අවශ්‍යම මොහොතයි...ප්‍රතමයෙන් අප ඇයට සිහිය ගත යුතුයි...ඇයට එය අපහසු වේවි...නමුත් දරාගත යුතුයි ඇය...."
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...