චන්ද්‍ර මාලිගාව සැබැවින්ම...නාමයටම ඔබින සේ අතිශය රමණීය වූ වෙයි....එකින් එක සෑම මැදුරක්ම පාහේ දිදුලන රිදී පාටින් හෙබි රජ මැදුර දුටු වනම තිදෙනා ගල් ගැසුනු අයුරු නම් විස්මයක් නොවෙයි....එය එතරැම්ම මනරම් වූවේය...
"පිටවෙමු"
සතර දෙනාම සිටියේ කුඩා ගල් පර්වතයක් මධ්‍යයේය....ඈතින් දිදුලන චන්ද්‍ර මාලිගය දෙස බලා හුස්ම අල්ලා ගෙන සිටින අනෙක් තිදෙනා පියවි සිහියට ගනිමින් දෙව්දාර් පැවසූ විට සියල්ලන්ම විජ්ජුලතාවන් පරදන වේගයෙන් ඈතින් පෙනෙන චන්ද්‍ර මාලිගය වෙත අසුන් ධාවනය කලහ...
"දෙවියනේ..අපගේ සෙන්පති තුමන්..."
"අහෝ වාසනාවන්...එතුමා නැවත පැමිනිලා..."
"ඔහු නම් තව තවත් කඩවසම් වී ඇති හැඩයි..."
"චන්ද්‍ර යුධ ඇදුම හැර වෙනත් වස්ත්‍රයකින් එතුමන්ව දුටු ප්‍රතම වර මේ..."
"එවිට කවුරුන්ද අන් අය...මේ එතුමා යමෙකු හා ගමන් කරන ප්‍රතම වතාව නොවෙද"
මාලිගයට යන වීදි ඔස්සේ අධික වේගයෙන් ධාවනය කරන්නේ තමන් ගේ සෙන්පති වග හදුනා ගැනීමට චන්ද්‍ර වැසියන් අපොහොසත් වුයේ නැත...ඉදින් කසු කුසුවෙන් මුලු වීදියම පිරී යද්දී...ජනයා සුපුරුදු පරිදි බිය මුසු ගෞරවය දෙව්දාර් වෙත පිදූ වුවත් දෙව්දාර්ද සුපුරුදු ලෙසම ඒ කිසිවක් ගනනකට නොගෙන ඉදිරියම බලා ධාවනය කලේය...
ඉදින් දෙව්දාර් එසේ නම් සමුද්‍රගේ ආඩම්බරය ඊට වඩා පහත් මට්ටමක තිබිය හැකිද?...කිසි සේත්ම නොහැකියිනෙ....
සමුද්‍රගේ ආඩම්භර බැල්ම දෙව්දාර්ට නම් දෙවෙනි නොවූ අතර...ඒ හෙයින් සියන්හා තරුනියන්ගේ ආකර්ශනය සමුද්‍ර හට නොඅඩුව ලැබුනි...
"පවුරූ...පවුරූ...පවුරූඌඌඌඌඌහ් මදක් නවතින්නකෝ..."
අනෙක් අය කෙලෙසක ගමන් ගත්තත් තමන්ට වුවමනා ලෙසින් මෙතෙක් වේලා වීදියේ සිරි නරඹමින් රුද්‍රා මත සිටි දස්කාල් ඉදිරියෙන් යන දෙව්දාර් හට හඩ තැලුවේ මුලු වීදියටම ඇසෙන අයුරින් ය...
සියන්හා වැසියන් බොහෝ බියට පත් වුනි....ඇතැමෙක් දස්කාල් දෙස අනුකම්පාවෙන් බැලූහ...තවත් අයෙක් කෝපයෙන් බැලූහ....තවත් අයෙක් දෙව්දාර් දෙස බියෙන් බැලූහ...කිමද යත් දෙව්දාර්ගේ ගමනට භාදා කරන්නා කවුරුන් වුවත් ඔහුට හිමි වන්නේ වේදනාව පමනකි... සියන්හා වැසියෙකු නම් ඒ පිලිබද නොදැන ඉන්නට කිසිසේත්ම ඉඩක් නැත....
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...