"කුමරු අප දෙදෙනා කැදවූයේ කිමද පවුරු"
දස්කාල් කල්පනාකාරීව විමසුවත් එයට පිලිතුර දැන සිටියද නොදන්නා ලෙසට හිසවැනූ දෙව්දාර් මෙතෙක් කල් ප්‍රිය වූ සුපුරුදු හරිතපැහැ වස්ත්‍රය වෙනුවට කාලවර්ණ වස්ත්‍රයක් දැරුවා...
"කිමද ඔය"
"කිසිත් නැහැ"
"ම්ම්...එක් අතකට එය අගෙයි"
"කිම"
"නැහැ ඉදින්...හරිත පැහැ යට පවුරු කඩවසම්නෙ"
එයට දෑස් සිහින් කල දෙව්දාර්
"ඉදින්"
එයට සිනහවුනු දස්කාල්
"හීහී...ඉදින් ඉදින් එපමනයි"
නමුත් දෙව්දාර් නම් එය විස්වාස නොකරන හැඩයි..කෙසේවුවත් දස්කාල් පසුව සෙමෙන් මිමිනූ දෙය කන වැකුනු ඔහු සමච්චලයට සින්හවුනා...
"එවිට මාලිගාවෙ තරුණියො මොහු දිහා බැලීම නවත්වයි...නමුත් ඉදින් පවුරු කොහොමත් කඩවසම්නෙ...මා කෙසේද නවත්වන්නේ.හුම්...කුමට ඔතරම් කඩවසම් වූවාද"
දස්කාල් කොතරම් හඩබාල කර පැවසුවාට දෙව්දාර්ට එය ඇසුනු බවක් දැන සිටියේ නැහැ...එකෙනෙහිම ද්වාරයට සෙමෙන් තට්ටු කරනා හඩක් ඇසී ද්වාරය වෙත ගිය දස්කාල් එය අපහසුවෙන් විවර කෙරුවා..
"ඔය මගුලෙ ද්වාරය සාදාගන්නකො චක්‍රා..මොන උලව්වක්ද මන්දා"
පැමින සිටි පුද්ගලයා නොදුටුවද ද්වාරයට පිටුපා සිටි දෙව්දාර් පවා ඒ කවුරුන්දැයි හදුනා ගැනීමට ඒ වූ වාග් මාලාවෙන් හැකි වුනා...
"ඔය ලෙස කතා කිරීම නවත්වන්නකෝ සමුද්‍ර"
"එවිට නුඹත් පෙරදා රැයෙහි කෑගැසුවෙ ඔය ලෙසින් නොවෙද"
සමුද්‍ර කිසිත් කීමට පෙර ඔවුන්ට පිටුපාම හඩනගා පැවසූ දෙව්දාර් ව දුටු සමුද්‍ර හට කටකොනකට සිනහවක් නැගුනා...
එක්වරම දස්කාල් අසලට ගිය සමුද්‍ර අපහසුවෙන් සිය සිනහව මැඩගෙන දස්කාල්ව කරකවමින් ඔහුගේ සිරුර දෙස නෙත් හෙලුවේ දස්කාල් විස්මයෙන් බලා සිටිනවිට...ඒ වන විට ඔවුන් දෙසට හැරි සිටි දෙව්දාර්ද සිය ඝණකම් ඇහිබැමක් ඉහලට නංවාගනිමින් ප්‍රශ්නාර්ථ මුහුනින් ඔවුන් දෙස බලා සිටියා....
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...