"දෙව්දාර් කෙසේද මා හදුනාගත්තෙ"
දස්කාල් කෙතරම් ඇසූවද ඔහුගෙන් පිලිතුරක් නැහැ..කුමක්දෝ කල්පනා කරමින් සයනයේ හාන්සි වී ඉහල බලාගෙනම සිටිනවා...
"කුමක්ද කලපනා කරන්නේ"
එහෙත් නැහැ ඔහුගෙන් පිලිතුරක්
"පවුරු..."
"අහ්.."
ඒවර නම් දෙව්දාර් සිය කල්පනාවෙන් මිදුනු හැඩයි
"කුමක්ද ඇසුවේ"
"මොනවාද ඔතරැම්ම කල්පනා කරන්නේ"
"මොනවාද නොමැත්තේ කල්පනා කිරීමට"
එයට හඩනගා සිනහවූ දස්කාල්
"සියන්හා වල තරුණියක්වත් ගැනද"
"නුඹට..."
තරුනියන් යනු දෙව්දාර්ගේ අකමැතිම දෑ බව දන්නා දස්කාල් වුවමනාවෙන්ම දෙව්දාර් කෝපගැන්වූයේ ඔහුගේ මේ කල්පනාවෙන් මුදවා ගැනීමට
"එය නොවේ දෙව්දාර්..කිමද ඔබ මෙහි පැමිනියේ"
"නුඹට අනවශ්‍යයි"
එයට මුව කොන් ඇඹරූ දස්කාල් අමනාපයෙන් කෑගැසුවා
"කීමට නොහැකියිද..අප මිතුරන්නේ..."
"නොහැකියි...කවදාද අප මිතුරන් වූයේ"
දෙව්දාර් සිය ඝන ඇහිබැමක් ඉහලට ඔසවමින් දස්කාල්ගෙන් ඇසූ විට ඔහු සිය මුහුන හකුලුවා ගත්තා
"හොදයි..හොදයි මිතුරන් නොවේ...."
මොහොතක් නිහඩව සිටියත් ඊලග මොහොතේම නැවත දස්කාල් කතාකලා
"කොහිද නුඹේ චන්ද්‍රකාන්"
"එවැන්නක් මා හදුනන්නේ නැහැ"
"පුහ්....තමාගේ අසිපත නොහදුනන්නෙක්"
දස්කාල්ට නම් නිහඩව සිටිය නොහැකි සේයි......
"පවුරූ...මොහොතකට බැලීමට ඉඩ දෙන්නකෝ..."
"නොහැකියි"
"අනේ...දෙව්දාර්...එක් මොහොතයි"
"කීවානෙ"
කෝපයෙන් අනෙක් පස හැරුනු දස්කාල්
"එසේනම් මා දෙන්නෙත් නැහැ"
"කුමක්ද"
"මගේ අසිපත"
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...